කොරෝනා වසංගතය 2022 වසරට ඇදී යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

260

දුගී රටවලට අවශ්‍ය කරන කොරෝනා එන්නත් ප‍්‍රමාණය නොලැබීම හේතුවෙන් කොරෝනා වසංගතය ලබන වසර දක්වා ඇදී යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර තිබේ. මෙම තත්ත්වය මත කොරෝනා වසංගතය ලබන වසර දක්වාම ඇදී යන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියකු වන වෛද්‍ය බෘස් අයිල්වෝඞ් පවසා තිබේ.

ලොව පුරා පිහිටි සෙසු මහාද්වීපවල ජනගහනයෙන් සියයට 40ක් පමණ දෙනා හට කොරෝනා එන්නත් ලැබී ඇතත් අප‍්‍රිකානු මහාද්වීපයේ ජනගහනයෙන් එම එන්නත ලැබී ඇත්තේ සියයට 5ක් වැනි සුළු ප‍්‍රතිශතයකට පමණක් බව වෛද්‍ය අයිල්වෝඞ් කියයි. එංගලන්තය පමණක් මෙතෙක් වෙනත් රටවලට බෙදාහැරීම සඳහා ලබා දී ඇති කොරෝනා එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව මිලියන 10ක් වන අතර එම එන්නත් මාත‍්‍රා මිලියන 100ක් සපයන බවට පොරොන්දු වී තිබේ.

සංස්කරණය –  ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment