කොරෝනා වැඩිවෙයි ආසාදන ගණන 573 ට නගී

359

කොවිඩ් ආසාදිතයන් මේ වනවිට රෝහල් තුළ 573 දෙනකු ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එසේම, ගතවූ දින හයක කාලය තුළදී කොවිඩ් ආසාදිතයන් 71 දෙනකු වාර්තා වන බවද හෙතෙම කියා සිටියේය. කොවිඩ් යළි සමාජයේ පැතිරීමේ අවදානමක් මතුවී ඇති බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත්, කොවිඩ් සිව්වැනි මාත්‍රාව මෙතෙක් ලබාගෙන නොමැති නම් එය ලබාගන්නා ලෙසත් හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ දක්වා දිවයිනෙන්ම කොවිඩ් ආසාදිතයන් හයලක්‍ෂ හැටහතර දහස් එකසිය දහදෙනකු වාර්තා වී ඇති බවත් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දාසයදහස් පන්සීය දක්වා ඉහළ නැග ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment