කොරෝනා වැළඳී උතුරේ ගැබිනි මව්වරු 184ක් ජීවිතක්‍ෂයට

305

යාපනයේ සිටින ගැබිනි මව්වරුන්ගෙන් 3% ත් 4 % ත් අතර ප‍්‍රමාණයකට කොරෝනා රෝගය වැළඳී තිබීම දැඩි ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බව ප‍්‍රකාශ කළ උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගොස් සිටින දිවයිනේ විවිධ පළාත් වල ගැබිනි මව්වරු 649 දෙනාගෙන් 184 දෙනකුම යාපනයේ කාන්තාවන් බව පැවසීය.

යාපනයේ කොරෝනා තත්ත්වය ගැන අදහස් දක්වමින් මේ බව ප‍්‍රකාශ කළ කේතීස්වරන් වෛද්‍යවරයා, මෑත කාලයේදී යාපනයේ ගැබිනි මව්වරු සිවුදෙනෙක් කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇති අතර දරුවන් බිහිකළ මව්වරු තුන් දෙනෙක්ද මියගොස් සිටින බව පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment