කොරෝනා වෛරස් ප‍්‍රභේද දෙකක් එකවර ආසාදනය වී මියගිය පළමු කාන්තාව බෙල්ජියමෙන්

234

අනූ හැවිරිදි කාන්තාවක් ලොව ප‍්‍රථම වතාවට නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකක් එකවර ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් ඊයේ (11දා) අනාවරණය කර තිබේ. ඉකුත් මාර්තු මාසයේ බෙල්ජියමේදී
 
 මියගොස් ඇති මෙම කාන්තාවට එංගලන්ත කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඇල්ෆා’ වෛරස් ප‍්‍රභේදය හා දකුණු අප‍්‍රිකානු වෛරස් ප‍්‍රභේදය වන ‘බීටා’ ප‍්‍රභේදය පුද්ගලයන් දෙදෙනකුගෙන් ආසාදනය වී ඇති බව ඇයගේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කර තිබේ.
 
 මියගොස් ඇති මෙම කාන්තාව කිහිපවරක් ඇදවැටීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර පසුව ඇය දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයන් හට ගැනීම හේතුවෙන්
 
 මියගොස් ඇති බව හෙළි වී තිබේ. කෙසේ වුවද ඇය කොරෝනා මර්දන එන්නතක් ලබාගෙන නොතිබූ බවද මේ වන විට අනාවරණය වී තිබේ.
 
 ඉකුත් වසරේ කොරෝනා වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යෑම ආරම්භ වීමෙන් පසු එක පුද්ගලයකුට කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකක් එකවර ආසාදනය වූ බවට වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකෙන අතර මෙම තත්ත්වය පිළිබඳව මෙම වසරේ පැවැත්වීමට නියමිත සායනික ක්ෂුද්‍රජීවී විද්‍යාව හා බෝවන රෝග පිළිබඳ යුරෝපා කොංග‍්‍රස් සමුළුවේදී සාකච්ඡුා කිරීමට නියමිතව ඇත.

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment