කොරෝනා සම්බන්ධ බොරු විඩියෝ මිලියනයක් ඉවතට

164

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ඇතුළත් කළ වීඩියෝ මිලියනයක් ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය කටයුතු කර ඇත.

 ගෝලීය වසංගතයක් හමුවේ ලෝක ජනතාව තමන් මෙන්ම තම පවුල්වල සාමාජිකයන් සුරක්‍ෂිත කර ගැනීම ස`දහා නිවැරදි හො`දම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුව ඇතැයි යූ ටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය ස`දහන් කරයි.

 කොරෝනා වෛරසය හා පරිබාහිර වෙනත් දේ පිළිබ`දව අසත්‍ය හා හානිකර තොරතුරු ප‍්‍රචාරය වෙද්දී එය වැළැක්වීමට පියවර නොගත් බවද දේශපාලන නායකයන්ගෙන් තමන්ට චෝදනා එල්ල වී තිබෙන බවද එම ආයතනය සිය නිවේදනය මගින් ප‍්‍රකාශ කර ඇත.

 මීට පෙර මාසයකට පමණ කාලයක් කොරෝනා හමුවේ ශී‍්‍ර ලංකාව අගුළු දමා තිබියදී විවිධ පුද්ගලයන් යූ ටියුබ් වීඩියෝ අන්තර් ජාලයට මුදා හරිමින් කසිප්පු නිෂ්පාදනය කරන ආකාරය ද ප‍්‍රචාරය කරනු ලැබ තිබිණි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment