කොරෝනා සහ විරෝධතා… ශී‍්‍ර.ල.නි. පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වෙන්න කියයි… දයාසිරිට තුති… ෂාන් වැඩට බහී…

180

කොරෝනා වසංගතය අස්සේ විරෝධතා රැල්ලක් ද මේ වනවිට රටපුරා නිර්මාණය වෙමින් ඇත්තේය. පොහොර ගැටලූව” ජීවන වියදම ඉහළයාම” ඉන්ධන මිල වැඩිකිරීම සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව මෙකී විරෝධතා රැලි රටපුරා තැනින් තැන පැවැත්වේ. ජ.වි.පේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා සමගි ජනබලවේගය වෙන වෙනම මෙකී විරෝධතා සංවිධානය කරයි. කෙසේ වුවද කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන මහජනතාව වැඩි වශයෙන් ඒකරාශි වන පොදු රැස්වීම් සහ විරෝධතා වැනි ක‍්‍රියාකාරකම් නැවත දැනුම්දෙන තුරු තහනම් කිරීමට පොලිසිය මගින් කටයුතු කර තිබුණි. කොරෝනා මර්දනය කරනවා වෙනුවට ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතාවන් මර්දනය කිරීම හා රජය මෙවැනි පියවරයන් ගෙන ඇති බවට විපක්ෂ ක‍්‍රියාකාරීහු චෝදනා කරති. කොරෝනාවට මුවා වී වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවටද චෝදනා එල්ලවෙමින් තිබේ. ඒ කොයි හැටි වුවද මෙකී තහනමද නොතකා ජ.වි.පේ. හා  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා සංවිධානය කොට තිබුණි. නිරෝධායන පනත යටතේ ඇතැම් විරෝධතාකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ද ගනු ලැබීය.

මෙහිදී ඇතැම් පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට සලකනු ලැබුවේ ඉතා පහත් අයුරින්ය. නිරෝධායනය සඳහා රැගෙන ගිය කාන්තාවකට පොලිස් නිලධාරියකු විසින් පා පහරක් එල්ලකොට වෑන් රථයකට නංවාගනු ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන ආකාරය දැකගත හැකිය. එහෙත් ඇතැම් පොලිස් නිලධාරීන් විරෝධතාවල දී කිසිදු ගැටුමක් ඇති නොවන අයුරින් කටයුතු කළ  අවස්ථාද දක්නට ලැබුණි. අධ්‍යාපනය පුද්ගලික කරණයට එරෙහිව ජ.වි.පේ. විසින් ඉකුත් දිනක ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. විරෝධතා කරුවන් දුරස්ථභාවය ආරක්ෂාකර ගනිමින් සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව මෙකී විරෝධතාව පැය භාගයක පමණ කාලයක් පැවැත්විණි. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති සිල්වා විසින් මෙකී විරෝධතාව නිසා සෞඛ්‍ය  මාර්ගෝපදේශ කඩවන බව සඳහන් කරමින් විරෝධතාව නොපවත්වන ලෙස ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නියෝගයක්  ලබාගෙන තිබුණි. අධිකරණ නියෝගයත් රැගෙන ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විරෝධතාකරුවන් අසලට පැමිණීමත් සමග විරෝධතා කරුවන් විරෝධතාව අවසන්කොට විසිර යන අයුරු දැකගත හැකි විය. අධිකරණ නියෝගය කියවීමටත් පෙර විරෝධතා කරුවන් විසිර ගියහ. කිසිදු ගැටුමකින් තොරව සියල්ල අවසන් විය. පොලිස් නිලධාරීන් මෙන්ම විරෝධතා කරුවන්ද දුරදිග බලා කටයුතු කර තිබූ නිසා ගාල්ල නගරය මැද ඇතිවීමට තිබූ මහා කලබැගෑනියක් වැළකී ගියේය.
 
 ශී‍්‍ර.ල.නි. පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වෙන්න කියයි
 
 ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීම මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශී‍්‍ර.ල.නි. පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. මෙකී මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා වෙනදාට වඩා මධ්‍යම කාරක සභිකයින් දැඩි උද්යෝගයෙන් යුතුව
 
 සහභාගි වී සිටියහ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මන්තී‍්‍රවරු 14 දෙනාම මධ්‍යම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. ශී‍්‍ර.ල.නි. පක්ෂයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි පිළිබඳ මෙහිදී මධ්‍යම කාරක සභිකයින් කථා කරන්නට විය. රටේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ මධ්‍යම කාරක සභිකයින් විසින් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දුනි. ශී‍්‍ර.ල.නි. පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තීයවේදීන් වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස” ධම්ම දිසානායක” සෝමරත්න දිසානායක” චම්ලි ලියනගේ යන විද්වතුන් වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව කියා සිටියහ. අතුල රාහුබද්ධ” ගාමිණී තිලකසිරි” මනෝජි සිරිසේන” තිසර ගුණසිංහ යන මධ්‍යම කාරක සභිකයින්ද සඳහන් කර සිටියේ ශ‍්‍රී.ල.නි. පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී වෙනම ගමනක් යා යුතු බවය. ..ගාල්ල දිස්ත‍්‍රික්කය තුළ තේ” පොහොර ප‍්‍රශ්නයක් තියෙනවා. ජ.වි.පේ.” සමගි ජනබලවේගය ගමට ගොස් විරෝධතා කරනවා. නමුත් අපි ආණ්ඩුවේ ඉන්න නිසා මේ ප‍්‍රශ්නය ගැන කථා කරන්න විදියක් නැහැ. විරෝධතා කරන්න බැහැ… ශී‍්‍ර.ල.නි. පක්ෂයට ගමට යෑම සඳහා දේශපාලන වැඩපිළිවෙළක් සකස්කළ යුතු බව තිසර ගුණසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 
 දයාසිරිට තුති
 
 ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තීයවේදීන් දැඩිව කියා සිටියේ මෙම අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවය. පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීරණය කරන්න බැහැ. මේ පිළිබඳ අපි තවදුරටත් පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. පොහොට්ටුවේ ඇතැමුන් කියන කථා අපි ගණන් ගත යුතු නැහැ. ශී‍්‍ර.ල.නි. පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය මතය ප‍්‍රකාශ කරමින් මෙහිදී සඳහන් කළේය. මේ අතර ශ‍්‍රී.ල.නි. පක්ෂයේ මන්තී‍්‍රවරුන් 14 දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා දිනයක් ලබාදී ඇති බවද දැනගන්නට තිබේ. ආණ්ඩුවට එරෙහිව සෘජුව අදහස් ප‍්‍රකාශ කළ ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට මධ්‍යම කාරක  සභිකයින්ගේ ප‍්‍රණාමය ද හිමිවිය. මාතලේ දී සම්මත කරගත් පරිදි ඉදිරියේ දී ගමට ගොස් ශී‍්‍ර.ල.නි. පක්ෂය ප‍්‍රතිසංවිධානය කළයුතු බවටද මෙහිදී තීන්දු කරණු ලැබීය. මෙකී මධ්‍යම කාරක සභා
 
 රැස්වීමේ දී ශී‍්‍ර.ල.නි. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 14 දෙනා කිසිදු අදහසක් ප‍්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි. එමෙන්ම පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව ගෙන ඇති විනය ක‍්‍රියාමාර්ග මුලින්ම ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද මෙහිදී තීන්දු වී ඇත.
 
 ෂාන් වැඩට බහී
 
 බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මේ වනවිට දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. මේ අතර ශී‍්‍ර.ල.නි. පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂාන් විජේලාල් ද සිල්වා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශී‍්‍ර.ල.නි. පක්ෂයේ ආසන සංවිධායකවරුන් අම්බලන්ගොඩ පොල්වත්තේ පිහිටි සිය නිවසේ දී හමුවිය. ආසන සංවිධායකවරු 09 දෙනකු මෙම රැුස්වීමට පැමිණ සිටියහ. මේ ආණ්ඩුවෙන් ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට වන කෙනෙහිලිිකම් පිළිබඳ අක්මීමන ශී‍්‍ර.ල.නි. පක්ෂ සංවිධායක අනිල් ප‍්‍රියදර්ශන මහතා පෙන්වා දුන්නේය. අපි මේ ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතුයි. අනිල් කීවේය. චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එරෙහිව කථා කරනවා. මේ නිසා ඔහු ජනප‍්‍රිය චරිතයක් බවට පත්වෙලා තියෙනවා. පොහොර නැතිව ගොවීන් අසරණ වෙලා. ඔබතුමාත් ආණ්ඩුවේ අඩුපාඩු ගැන කථා කරන්න. අනිල් ෂාන් විජේලාල් ද සිල්වා මහතාට කීවේය. ෂාන් සිනහවකින් පිළිතුරු දුන්නා මිස ඒ ගැන කිසිවක් කීවේ නැත. අපි ගමට ගිහින් ශී‍්‍ර.ල.නි. පක්ෂය ප‍්‍රතිසංවිධාන කළ යුතුයි. ග‍්‍රාමීය මට්ටමින් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ෂාන් කීවේය. එයට ආසන සංවිධායකවරුන්
 
 සියලූදෙනාගේ එකගතාව පළ වූහ. මේ අතර ෂාන් විජේලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ආසනයේ බලමණ්ඩල 07 ක ක‍්‍රියාකාරීන් නිරෝධායන නීතිරීති වලට අනකූලව කැඳවා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළේය.
 
 කාබනික  පොහොර සඳහා ගොවීන්ගේ උනන්දුව
 
 රසායනික පොහොර ඉල්ලා විරෝධතා පැවතියද කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොවීන් අතර මේ වනවිට දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. දකුණු පළාත් සභාව මගින්ද මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙන අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී
 
 ගමගේ මහතාද කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමට අවශ්‍ය සැලසුම් සකස්කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. මේ වනවිට දකුණු පළාතේ සෑම ග‍්‍රාම නිලධාරී වසමක් කේන්ද්‍ර
 
 කරගෙන කාබනික පොහොර නිෂ්පාදන ඒකක පිහිටුවීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇත. මේ සඳහා ගොවීන්ද දැඩි උද්‍යෝගයෙන් යුතුව මෙකී වැඩපිළිවෙළ සඳහා සිය දායකත්වය ලබාදෙයි. ගාල්ල දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස්. ප‍්‍රියන්ජන් මහතාගේ උපදෙස් මත ගාල්ල දිස්ත‍්‍රික්කයේ කොට්ඨාස මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන ඒකක පිහිටුවීම ආරම්භකොට ඇත.
 
 ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment