කොරෝනා හමුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලට කදිම විසඳුමක්

67

කොවිඞ් අවදානමද සහිතව බන්ධනාගාරවල පවත්නා තදබදය හේතුවෙන් හ`දුනාගැනීමේ පෙරෙට්ටු පවත්වාගත නොහැකිව දීර්ඝ කලක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් බන්ධනාගාරයේ සිට මාර්ගගත සජීවී තාක්‍ෂණික ක‍්‍රමෝපායන් භාවිතා කරමින් සාක්‍ෂිකරුවන්ට විද්‍යුත් තිර ඔස්සේ දර්ශනයවීමට සලස්වා අදාළ නඩු විභාග පැවැත්වීම දිවයිනේ ප‍්‍රථම වරට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි ශසිකලා විජේතුංග මහත්මිය ඉදිරියේදී පෙරේදා (21 දා) ආරම්භ විය.

අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ එම පෙරෙට්ටු පවත්වාගෙන යෑමට අධිකරණසේවා කොමිසමේ අනුමැතියද සහිතව කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය එසේ පියවරගෙන තිබිණි. සැකකරුවන් ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරයේ කැමරාවක් ඉදිරියේ අදාළ සැකකරුවා සමගින් ඊට අවශ්‍ය පිරිස සාක්ක්‍ෂිකරුට දර්ශනය කිරීමට ඉඩප‍්‍රස්තාව සලසාදී ඇති අතර එක් එක් පුද්ගලයාගේ සමීප රූපද සාමාන්‍ය පෙරෙට්ටුවක පරිද්දෙන් තිරයේ දර්ශනය වීමට සලස්වා පාර්ශව දෙකටම සාධාරණය ඉටුකිරීමේ අරමුණින් එසේ විද්‍යුත් සජීව හ`දුනාගැනීමේ පෙරෙට්ටු පවත්වන බව අධිකරණ ආරංචි පවසයි.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment