කොරෝනා හැදී අම්මා මියගියැයි පුතා අඩි හැටක් ගැඹුරු ළිඳකට පැනලා

348

බියගම හෙයියන්තුඩුව නැගෙනහිර ප‍්‍රදේශයේ නිවසක කොවිඞ් ආසාදිතව අසූ වියැති මවක ඉකුත් 05 දා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති අතර මේ බව දැනගත් එම නිවසේ පදිංචි මන්ද මානසික තත්වයේ පසුවන පුත‍්‍රයා ඉකුත් (07)දා එම ගෙවත්තේ අඩි 60 ක් ගැඹුරු ලිදකට පැන ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ඊයේ (08) පැවසීය. ජලය පිරී තිබූ අඩි 60 ක් ගැඹුරැ ළිදට පැන තිබූ හතලිස් තුන් හැවිරිදි මන්ද මානසික පුද්ගලයා එම නිවැසියන් හා සපුගස්කන්ද පොලීසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා ගොඩගෙන ඇති අතර හාස්කමකින් මෙන් ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නොමැතිව තිබූ බව ප‍්‍රජා පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත මහතා පැවසීය.

බියගම – සුදත් පුබුදු කීර්ති සහ දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment