කොරෝනා හැදී රෝහලට එන කිසිම කෙනෙක් හරවා යවන්න එපා ජනපතිගෙන් උපදෙස්

204

කොවිඞ් රෝග ලක්‍ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත.

 කොවිඞ් රෝග ලක්‍ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේදී ඇතිවන තදබදය හේතුවෙන් ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 ප‍්‍රධාන නගර කිහිපයක් ආශි‍්‍රතව අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරිණ. එම නිසා රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්‍ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

 එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඞ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (06 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

 රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමේ ක‍්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් විය යුතු බවට ද හෙතෙම උපදෙස් දී ඇත.

 රෝගය වැලඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බවද ඒ මහතා එහිදී සඳහන් කර තිබේ.

 මේ අතර දෙවන එන්නත් මාත‍්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයකුට පළමු මාත‍්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය වී ඇත.

 වයස අවුරුදු 18 ට වැඩි මෙරට සමස්ත ජනගහනයට එන්නත් මාත‍්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර තිබේ. තෙවන මාත‍්‍රාවක් සඳහා වුවද රජය සූදානම්ය. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යෑම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කනගාටුදායක බව විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දී තිබේ.

 ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120 ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500 කට අධික පිරිසක් සහභාගි වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශීවීම රට පුරා කොවිඞ් පැතිර යෑම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ කියා ඇත.

 කොවිඞ් මර්දන මෙහෙයුම් කාර්යයන්හි නිරත බොහෝ දෙනෙක් දේශීය ඖෂධ දෛනිකව ලබාගනිති. එය ප‍්‍රතිශක්තිකරණයට බෙහෙවින් ඉවහල් වී තිබේ. එන්නත ලබාගත්ත ද දේශීය ඖෂධ දෛනිකව ලබාගැනීම හා ධූමායනය රෝගය වැලඳීම අවම කිරීමට ඉවහල් වනු ඇතැයි ද දේශීය වෛi රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එහිදී පෙන්වා දී ඇත.

 අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්‍ෂක සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment