කොරෝනා හැදුණු ශකීබ්ට පළමු තරගය අහිමි වෙයි

115

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, ඒ අනුව අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශකීබ් හට අහිමි වනු ඇති බවත් වාර්තා වේ.

පසුගිය කාලසීමාවේ ඇමරිකාවේ සිටි ශකීබ් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට නැවත බංගලාදේශයට පැමිණි අවස්ථාවේ දී සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයේදී ශකීබ් එම ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.

බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මේ අනුව කොවිඩ් නීතිරීතිවලට අනුව හුදෙකලා කර තිබෙන අතර පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුවත් දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment