කොරෝනා හැදුණු සමහරුන්ට කළුදිලීර

119

* නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් අතරින් කළු දිලීර රෝගය වැල`දුණු කිහිපදෙනකු හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලෙන් සහ රත්නපුර, කුරුණෑගල රෝහල් ඇතුළු රෝහල් ගණනාවකින් මෙසේ කළු දිලීර රෝගයට ගොදුරු වූ රෝගීන් හ`දුනාගෙන ඇති බව ද ඒ මහතා ස`දහන් කළේය.

මෙම රෝගයේ රෝග ලක්‍ෂණ තීරණය වන්නේ රෝගය වැලදුන ස්ථානය අනුව බව ද කී හේමන්ත හේරත් මහතා ඒ සමේ මෙන්ම නාසය, ඇස් සහ ඇස් ආශි‍්‍රතව, මොළය ආශි‍්‍රතව සහ පෙනහලූවල වගේම සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් මතුපිට ද විය හැකි බව ද පෙන්වා දුන්නේය.

කළු දිලීර රෝගය ආවාට ගියාට වැලෙ`දන රෝගයන් නොවන අතර ප‍්‍රතිශක්තිය බොහෝ දුරට හීන වූ පුද්ගලයන්ට, ඉන්ද්‍රියන් බද්ධ කිරීම හේතුවෙන් ප‍්‍රතිශක්තිකරණයට ඖෂධ ලබා දෙන පුද්ගලයන්ට මෙය වැඩි වශයෙන් වැල`දීමට ඉඩක් පවතින බව ද ඒ මහතා පැවසීය.

පරිසරයේ පවතින දිලීරයක් වන මෙය ආසාදනය වී රෝග ලක්‍ෂණ පහළ වන්නේ ප‍්‍රතිශක්තිය ඉතාමත්ම දුර්වල පුද්ගලයන්ට බව ද කී ඒ මහතා මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ අවදානම් සහිත පුද්ගලයන් හ`දුනා ගැනීම බව ස`දහන් කළේය. විශේෂයෙන් මෙම දිලීරයේ බීජාණු වායුගෝලයට එක් වන්නේ කසළ හා පුස් පවතින ස්ථානවලින් වන අතර මෙය වැල`දුණු පුද්ගලයන් ඒ බවට ලකුණක් හෝ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව යම් යම් සීමා සහිතව ඉදිරි සතියේදී රට යළි විවෘත කිරීමට හැකි වනු ඇතැයි ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඉදිරියට කි‍්‍රයාත්මක කෙරෙන සීමාවන් හෙට (17 වැනිදා) සිකුරාදා පැවැත්වෙන ජාතික කොරෝනා මර්දන කමිටු

රැුස්වීමේ දී ප‍්‍රකාශ කරනු ඇතැයි ද කී යුද හමුදාපතිවරයා බෙහෝදුරට ඉදිරියටත් පළාත් අතර සංචරණ සීමා කි‍්‍රයාත්මක වනු ඇතැයි ද ස`දහන් කළේය.

කෙසේ වෙතත් මාධ්‍යයට අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ස`දහන් කරනු ලැබුවේ මෙරටේ පවතින කොරෝනා අවදානම තවමත් ඉවත්ව ගොස් නොමැති බවකි. දෛනිකව ආසාදිතයන් 2000ක් පමණ වාර්තා වන තත්ත්වයක් තුළ තවත් ආසාදිතයන් 6000ක් පමණ සමාජයේ සිටින බව අනුමාන කළ හැකි බව ද පෙන්වා දෙන ඒ මහත්මිය පවසන්නේ තවමත් රටම ඇත්තේ රතු කලාපයේ වන බවකි.

ඩෙල්ටා ප‍්‍රභේදය රට පුරා පැතිරී තිබෙන අතර නැවතත් රැුල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සියලූ දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුව තිබෙන බව ද පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7534 දෙනකු මේවන විට නිවෙස්ගත ප‍්‍රතිකාර ස`දහා යොමු කර සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය. වයස අවුරුදු 2-15 අතර දරුවන් පිරිසක් මෙසේ නිවෙස්ගත ප‍්‍රතිකාර ස`දහා යොමු කර සිටින අතර ඊට අමතරව ගැබිනි මවුවරුන් 240දෙනකු ද නිවෙස් ප‍්‍රතිකාර ස`දහා යොමු කර ඇත.

මේ වන විට නිවෙස්ගතව ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 77949 ක් බව ද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment