කොලරාඩෝ ප‍්‍රාන්තයේ ලැව් ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වෙයි

159

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්නක් හේතුවෙන් ප‍්‍රාන්තයේ නිවාස සිය ගණනක් විනාශ වී ගොස් ඇති අතර දස දහස් ගණන් ජනතාව නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑමට පියවර ගෙන තිබේ.

 කොලරාඩෝ ප‍්‍රාන්තයේ ඩෙන්වර් නගරයට උතුරින් පිහිටි ‘‘බුල්ඩර් කවුන්ටි’’ ප‍්‍රදේශයේ ඇවිලෙමින් ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින මෙම ලැව් ගිනි තවදුරටත් පැතිර යෑමෙන් වැඩි පිරිසක් මරණයට හා අනතුරට පත් වීම සිදු වනු ඇති බව බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

 ප‍්‍රාන්තයේ පැයකට සැතපුම් 105ක වේගයෙන් පැතිර යමින් පවතින දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති අතර මේ වන විට කොලරාඩෝ ප‍්‍රාන්තය තුළ හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුකාර ජරෙඞ් පොලිස් විසින් පියවර ගෙන තිබේ.

 ප‍්‍රාන්තයේ පිහිටි ලූවිස්විල් හා සුපීරියර් යන නගරවල වැසියන් 30,000කට පමණ සිය නිවෙස්වලින් ඉවත්ව යන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment