කොල්ලන් මැද විසිල් ගැසූ ඉතිහාසගත කෙල්ල

474

පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු කාන්තා විනිසුරුවරිය බවට ප්‍රංශ ජාතික ස්ටෙෆානි ෆ්‍රැෆට් වාර්තා පොත් අතරට එක් වූවාය.ජර්මනිය සහ කොස්ටරිකාව අතර මෙවර තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ පසුගිය සිකුරාදා අලුයම පැවති තරගයේ ප්‍රධාන විනිසුරුවරිය වශයෙන් කටයුතු කරමින් ඇය එම වාර්තාවට හිමිකම් කීවාය.

එහිදී ඇයගේ සහයක විනිසුරුවරියන් ලෙස බ්‍රසීලයේ නියුසා බැක් සහ මෙක්සිකෝවේ කරෙන් ඩයස් මෙඩිනා කටයුතු කළහ. එම තරගයෙන් කොස්ටාරිකාව පරදවා ගෝල් 4-2ක ජයග්‍රහණයක් ලබාගැනීමට ජර්මනිය සමත් වූයේය.

ස්ටෙෆානි ෆ්‍රැෆට් 2009 වසරේ දී අන්තර්ජාතික පාපන්දු විනිසුරු වර්ණ දිනාගත් අතර මීට පෙර ඇය 2015 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ද විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබුණි.

ඇය 38 හැවිරිදි වියේ පසුවන්නීය. ස්ටෙෆානිට අමතරව ජපානයේ යොෂිටි යටසිමා සහ රුවන්ඩාවේ සලීටා මුකන්සන්ගාද මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 36 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලට අයත් අනෙක් කාන්තාවෝ දෙදෙනා වෙති. තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඇය පසුගිය දින කිහිපය තුළ ක්‍රීඩාංගණයේ කිලෝ මීටර් 12ක් 15ක් ධාවනයේ නිරතවී ඇත. පාපන්දු බලධාරීන් ස්ටෙෆානි පළමු විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමෙන් පසු සඳහන් කළේ ඇය පාපන්දු ඉතිහාසය අලුතෙන් ලියන ලද බවයි.

ජර්මනිය සහ කොස්ටාරිකාව අතර තරගයේ දී ඇය විනිශ්චයේ යෙදී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment