කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන Sarith Surith and The News

384

අපිට අභියෝග අනුකරණ නෑ
අධිමාත්‍රා මෙඩ්ලි සිලෙක්ෂන් එකට ප්‍රවීණයෝ බැන්නේ නෑ

එදා සිරස පොඩ්ඩන්ට පුළුවන්ද වැඩසටහන හරහා කරලියට ආපු සරිත් සුරිත් මෙදා නැවතුනේ අපේ රටේ කවුරුත් දන්න හඳුනන පෙරළිකාර” ජනප්‍රිය සංගීත කණ්ඩායමක හිමිකාරයෝ වෙලයි.Sarith Surith and The News කිව්වහම දැන් නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇති කරපු හින්දම අද අපි මේ තරුණ ගැටව් දෙන්නට මේ ඉඩකඩ වෙන්කරන්න ඕනෑ කියලා හිතුවා.

කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන Sarith Surith and The News

සරිත් මොකද වෙන්නේ?

දැන් ඉතිං ලංකාවේ හොඳම කොන්සර්ට් ටිකක් තිබෙනවා. ඒ වගේම විදෙස් සංචාරත් තිබෙනවා. ඒ කාර්ය බහුලත්වයත් එක්ක බෑන්ඩ් එකේ වැඩකටයුතු කරගෙන යනවා.

කොහොමද ‘මායාවී.?

මේ ගීතය තමයි අපේ අලුත්ම ගීතය. ඒක අපි දෙන්න තමයි ගායනා කරන්නේ. පද රචනය ජගත් ජයවර්ධනගේ. ඒ කියන්නේ අපේ තාත්තාගේ. සංගීතය මගේ (සජිත් ජයවර්ධනගේ). අපේ බෑන්ඩ් එකේ සාමාජිකයෙක් වන කෙවින් ‘රැප්. සංගීතයෙන් මේ සඳහා දායක වුණා.

පසුගිය කාලයේ Sarith Surith and The Newsලාට ජනප්‍රියත්වය වැඩිවුණා නේද?

ඒක තීරණය කරන්න ඕනෑ අපේ රසික රසිකාවියෝ තමයි. ඇත්තටම අපි හරිම සතුටක් ලබනවා. මේ කතා කරපු මොහොතෙත් අපි කොන්සර්ට් එකක තමයි හිටියේ. ලොකු පිරිසක් අපේ කොන්සර්ට් එකට එනවා කියලා අපි දන්නවා.

කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන Sarith Surith and The News

අනෙක් බෑන්ඩ් එක්ක බලද්දී ඔබලා කොහොමද වෙනස් හැඩයක් නිර්මාණය කරගත්තේ?

ඕනෑම ගීතයක් ගත්තහම අපි මුලින්ම කරන්නේ අහන්න කැමති විදිහට සින්දුව හදාගන්නවා. ඒ ශෛලිය වටා රසික රසිකාවියෝ පිරිසක් බිහිවෙලා ඉන්නවා.

වැඩිපුර කැමති එළිමහන් ප්‍රසංගවලටද? ගෘහස්ථ ප්‍රසංගවලටද?

ඇත්තම කතාව කිව්වොත් ගෘහස්ථ ප්‍රසංගයකටයි එළිමහන් ප්‍රසංගයකටයි එන්නේ ඕඩියන්ස් දෙකක්. අපි News ගහන හැම වෙලාවකට හැම තැනම නටන්න තමයි වෙන්නේ. මේ ප්‍රසංග දෙකම අපිට එකම විදිහට තමයි ෆීල් වෙන්නේ.

කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන Sarith Surith and The News

අධ්‍යාපන වැඩකටයුතු එහෙම කොහොමද?

අපේ බෑන්ඩ් එකේ සියලුම දෙනාම මේ වනවිට විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරන ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ බෑන්ඩ් එකේ වැඩකටයුතුත් කරගෙන යනවා.

කැම්පස් යන්නත් ඕනෑ. ෂෝ වලට යන්නත් ඕනෑ. කොහොමද මේ වැඩේ කළමනාකරණය වෙන්නේ?

ඇත්තටම කළමනාකරණය කරගන්න හරිම අමාරුයි. ඉතාමත්ම අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඒත් අපි කොහොම හරි වැඩේ කරගෙන යනවා.

කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන Sarith Surith and The News

තවම පරණ සාමාජිකයෝ ටිකමද ඉන්නේ?

මෙතෙක් කල් හිටපු සාමාජිකයෝ ටික තමයි ඉන්නේ. හැබැයි අපි වටා දැන් වෙනම පිරිසක් එකතු වෙලත් ඉන්නවා. සරිත්” සුරිත්” රශ්මික” ලෙහාන්” මෙනුක්” විහාර” නදී” තිළිණ කෙවින් තමයි අපේ පිරිස. ඒ වගේම සත්සර” අචින්න” උදාර” කසුන් කියන්නේ අපේ කාර්මික ශිල්පීන්.

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ලොකු සන්තෝෂයක් තියෙනවා. මිනිස්සු සල්ලි දීලා ටිකට් අරගෙන අපේ ප්‍රසංග බලන්න එනවා. අපිට වෙන ලොකු ලොකු හීන නැහැ. මේ හීනයේ ජීවත්වෙන එක තමයි කරන්නේ.

ලංකාවේ කණ්ඩායම් සංගීත කලාව ගැන මොනවද කියන්න තියෙන්නේ?

අපි බෑන්ඩ් එක පටන්ගන්න කොට අපේ ජෙනරේෂන් එකේ කට්ටියත් මේ වගේ බෑන්ඩ් පටන්ගන්න අදහසක හිටියා. දැන් ඒකට ලොකු ඉඩක් හැදිලා තිබෙනවා. අලුතෙන් බෑන්ඩ් පටන් ගත්තු කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. අපි ඉතිං අපෙන් ඇහැව්වහම ඕනෑම දෙයක් කියලා දෙනවා. අපිට එහෙම හංගන්න දෙයක් නැහැ.

අධිමාත්‍රා ගීත එකතුවට ප්‍රවීණයන්ගෙන් චෝදනා ආවේ නැතිද?

අධිමාත්‍රා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත එකතු කරලා අපි හදපු මෙඩ්ලි සිලෙක්ෂන් එකක්. මේ වෙනකම් වගේම මේ කතා කරන මොහොත වෙනකනුත් අපිට කිසිම ප්‍රවීණ ආර්ටිස්ට් කෙනෙක් ඒ ගීත ගායනා කරන්න එපා කියලා නැහැ. ඉතිං ප්‍රවීණයන් අපිට දෙන සහයෝගයට ස්තූතියි කියලා කියනවා. මේ වෙනකොට අපිට හොඳම ප්‍රතිචාර ලැබුණෙත් අධිමාත්‍රා මෙඩ්ලි සිලෙක්ෂන් එකට. සරලවම කිව්වොත් අපිත් හරි ආසාවෙන් ඒ සිලෙක්ෂන් එක අහනවා. ඒක අපි කරපු තවත් හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා හිතනවා.

මියුසික් වීඩියෝ” ගීත ඇල්බම් කරන්නේ නැතිද?

ගීත එකතුවක වැඩ කටයුතු මේ දිනවල කරගෙන යනවා. ඉක්මනටම ඒ ගීත එකතුව නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. සින්දු හතරක ඊපී එකක් ළඟදීම එළියට දාන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.

ඔබලාට අභියෝග එහෙම තියෙනවාද?

අපිට අභියෝගයක් නැහැ. අපි හැම වෙලාවේම උත්සාහ කරන්නේ අපි ආස සංගීතය හැමතිස්සේම එළියට දාන්න තමයි. එළියේදී එක එක සංගීත කණ්ඩායම් එක්ක අපිට තරගයක් තියෙනවා. ඒ නිසා අපි හොඳ සංගීත නිර්මාණයක් එළියට දෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

කාවවත් අනුකරණය කරනවාද?

අපි කිසිදවසක අනුකරණය කරන්නේ නැහැ. ලංකාවේ ඕනෑම සංගීත කණ්ඩායමක සංගීතය අපි අහනවා. ඒක ඉලෙක්ට්‍රොනික්ද” එකෝස්ටික්ද කියලා අදාළ නැහැ. විදෙස් ගත සංගීත කණ්ඩායම් වල විවිධ ශෛලි අහනවා. ඒක රොක්” පොප්” ජෑස් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් අපිට ගන්න පුළුවන් අපේ සංගීතයට වාදනය කරන්න පුළුවන් දේ අත්හදා බලනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment