කොවිඩ් මරණ ආදාහනයට පළාත් පාලන ආයතන ලබාගත් මුදල් ආපසු පියවීමට රජය ගත් තීරණය අගය කරනවා

78

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයේ පසුවූවන්ගෙන් කොවිඩ් මරණ ආදාහනය කිරීම වෙනුවෙන් ඇතැම් පළාත් පාලන ආයතන අයකර තිබූ මුදල් විධිමත්ව සොයා බලා යළි ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් මේ අසීරු අවස්ථාවේ ඔවුනට සවියක් වනු ඇති බවත්, මේ වනවිට රජය විසින්ම ඉදිරියේදී එවැනි අයගේ දේහයන් ආදාහනය කිරීම වෙනුවෙන් මුදල් පියවීම පිළිබ`ද ගෙන ඇති තීන්දුව අගයන බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් එසේ පැවසූ එ් මහතා මෙසේද පැවසීය.

‘‘ඇතැම් මෘතදේහ ආදාහනය කරගන්න විදිහක් නැතිව සිටි පිරිස් ගැන අපිට වාර්තාවෙලා තියනවා. ඇතැම් පළාත් පාලන ආයතනවල මේ සදහා මුදල් අයකිරීම් සිදු වෙනවා. එ් හේතුවෙන් දුගී ජනතාව දැඩි අපහසුතාවට පත්වුණ අවස්ථා පිළිබදවත් තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම ගම්වල ජනතාව මුදල් එක්රැුස් කර එවැනි ආදාහන සිදුකළ අවස්ථා පවා අපි දැක්කා. විශේෂයෙන් කොවිඞ් මෘතදේහ ආදාහනයට මල්ශාලා විශේෂ මැදිහත්වීමක් අපි දකිනවා. මේක කොළඹ මහ නගර සභාවේ පමණක් නෙවෙයි දිවයිනේ බොහෝ තැන්වල එසේ සිදු වෙනවා. අපි බලධරයන්ගෙන් ඉල්ලා සිටිනවා මල් ශාලාවල මැදිහත්වීම මුළුමණින් නවතා රජයේ පාර්ශ්ව මැදිහත්වීමෙන් පමණක් කොවිඞ් මෘතදේහ ආදාහනය කරන්නට උත්සාහ දරමු කියලා. ඇතැම් අවස්ථාවල නැඟුණ චෝදනා හා ජනතා අපහසුතාවට ලක්වීම එ් හරහා නවතාගත හැකිවේවි’’

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment