කොවඩ් හමුවේ ආසියානු රටවල ඩොලර් සංචිත ඉහළ ගියත් අපේ රටේ එය පහළ ගිහින්!

148

මේකට හේතුව ආණ්ඩුවේ වැරදි කළමනාකාරිත්වයයි

කොවිඩ් වසංගතය පැවතියදීත් ආසියානු රටවල ඩොලර් සංචිතය ඉහළ ගියද මෙරට ඩොලර් සංචිතය සියයට 80 කින් පහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද රට කළමනාකරණය කරන්නේ කුඩා කඬේ කළමනාකරණය කරපු විදියට ඒකයි ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ. මම කියන එක වැරදි නම් ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන් සංචිත බැලූවොත්. ආසියාවේ රටවල් ගත්තොත් මේ කාලය තුළ දී ඉන්දියාවේ සංචිතය ඩොලර් බිලියනවලින් ඉහළ ගිහින්. බංග්ලාදේශය ඩොලර් බිලියන තුනක් 45 ක ට ඉඩ ඉහළ ගිහින. ඉන්දියාව බංග්ලාදේශය ජපානයෙත් ඉහළ ගිහින්. පාකිස්තානය් නේපාලයෙත් සංචිත ඉහළ ගිහින්. එම රටවල් සංචිත 48 %කින් වැඩි වෙලා තියෙනවා.

නමුත් ලංකාවේ 80% කින් පහලට ඇවිත් තියෙනවා සංචිත. ණය ගෙවන්න ඕන ඒක අපි පිළිගන්නවා. ඒක නෙමෙයි ප‍්‍රශ්නය ඩොලර් සංචිතය වැඩි කරගන්න බැරි ප‍්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි මූලික ප‍්‍රශ්නය. ඉස්සෙල්ලාම ආදායම හදාගන්න ඕන ආදායම හදාගත්තෙ නැත්තං ව්‍යාපාරික කටයුතු හරියට කර ගත්තෙ නැත්තං ලොකු ගැටලූවක් එනවා. මේගොල්ලන්ට වෙලා තියෙන විශාල ප‍්‍රශ්නය ඕක තමයි.

මම දැක්කා එක වාර්තාවක කියනවා දරිද්‍රතාවය ලක්ෂ පහකට වැඩිය පහළ ඉන්නවා. ඊටත් වැඩි ඇති. ඊයේ රෑ 12:00 ට දෙමටගොඩ මාර්ග සංඥා ආලෝක පුවරුව ළඟ වාහනය නතර කරාම අම්මලා දරුවන් උස්සගෙන ඇවිත් වීදුරුවට ගහනවා කීයක් හරි දෙන්න කියලා. අම්මලා එතන තුන් දෙනෙක් විතර හිටියා. දරිද්‍රතාවය ප‍්‍රශ්නය හරි විශාල ගැටලූවක්. පාසලකට ගියා උතුරේ. එහිදී පළවෙනි පේලියේ ළමයිගේ සපත්තු තිබුණා. දෙවැනි පේළියේ ශිෂ්‍යයන්ගේ සපත්තු නැහැ. සෙරප්පු තිබුණේ. කොළඹ කළුතර ගම්පහ මේවා දකින්න නැහැ. නමුත් රටේ සමහර තැන් එතැනට වැටිලා. අම්මලට සපත්තු දෙකක්වත් ගන්න බැහැ. අපට හැඟීමක් තියෙනවා රට ගැන. මේක අපේ රට. මේක අපි ගොඩනඟන්න ඕන.

ආර්ථිකය බොහොම සංකීර්ණයි. රුපියලේ අගය බැලූවත් පොලිය බැලූවත් විදේශ ශේෂය බැලූවත් අපනයන කොහොමද වැඩි කරන්න බැලූවත් නිෂ්පාදනය ගැන බැලූවත් මේ ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන්නේ. ඉතින් මේ අයගේ

කළමනාකාරිත්වයේ ප‍්‍රතිපත්ති සම්පූර්ණ වැරදියි. අපි මේක ඉක්මනින්ම වෙනස් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ හැමදාම අපිට ඇවිත් කියන්න එපා ණය ගෙවන්න තියෙනවා කියලා. ඒක් අපි දන්නවා. අපි කියන්නේ සංචිතය ගොඩනගන්න. අපිට ඒකට වැඩපිළිවෙළක් තියෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment