කොවිඞ්වලින් මියයන පවුල්වල දරුවන්ට රජයේ තරග විභාගවලදී ප‍්‍රමුඛත්වය දිය යුතුයි

224

කොවිඞ්වලින් මියයන පවුල්වල සුදුසුකම් ඇති දරුවන්ට තරග විභාගවලදී ප‍්‍රමුඛත්වය දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායකවරු සහ ක‍්‍රියාකාරීන් අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

‘‘නැතිවෙන මනුස්ස ජීවිත නැවත ලබා ගැනීමට නොහැක. මේ වනවිට ජීවිත දස දහස ඉක්මවා ජාතියට අහිමි වී ඇත. එවන් මොහොතක විශේෂයෙන් රජයේ වගකීමක් ලෙස මෙම තත්ත්වය පාලනය සඳහා ක‍්‍රියාත්මක විය යුතුව ඇත. පවුල් දස දහසක් කඩා වැටෙනවා කියන්නේ ඒ අයගේ දරුවන් ඒ පරම්පරාව විශාල අභියෝගයකට මුහුණ දෙනවා.

කොවිඞ්වලින් මියයන පවුල්වල සුදුසුකම් ඇති දරුවන්ට තරග විභාගවලදී ප‍්‍රමුඛත්වය දිය යුතුයි.

ඒ නිසා රජය බඳවා ගැනීම් වහා සිදුකළ යුතුව තිබුණත් අත්‍යවශ්‍ය බඳවා ගැනීම්වලදී තරග විභාග වලදී පවා රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය වෙනස් කරමින් මූලික සුදුසුකම් සපුරා ඇතිනම් පියා මව හෝ එම පවුලේ බර ඉසිලූ පුද්ගලයා කොවිඞ් වසංගතයෙන් මිය ගියේ නම් ඒ අයගේ දරුවන් මූලික සුදුසුකම් සපුරා ඇතිනම් ඒ දරුවන්ට තනතුරු ලබා දීමේදී ඔවුනට ප‍්‍රමුඛතාව මත බඳවා ගැනීමට කටයුතු කළ යුතුය. මෙය එක් උදාහරණයක් පමණි. මේ විදියට ආර්ථිකය කඩා වැටෙන පෞද්ගලික අංශවලටද එවැනි ක‍්‍රම ගණනාවක් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා මේ විනාශ වී ගෙන යන ජීවිත නවතා ගැනීමට ක‍්‍රියා නොකළහොත් විශේෂඥයන් හා ජාත්‍යන්තර විශේෂඥයන් පවසා ඇත්තේ රට තුළ 20000, 30000 ක් මිය යෑමට ඉඩ ඇති බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment