කොවිඞ් එන්නත් දෙකක් එකවර දුන් මහනුවර කත රෝහලේ

619

මහනුවර ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට කොවිඞ් එන්නත් දෙකක් එකවර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
 මහනුවර කොවිඞ් එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක වූ ඊයේ (21 දා* දිනයේදී එන්නත ලබා ගැනීම සඳහා ඔගස්ටාවත්ත මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ අදාළ කාන්තාවට කොවිඞ් එන්නත් දෙකක් ලබාදී තිබෙන බව ඇගේ සැමියා පවසයි. එන්නත් දෙකක් ලබාදුන් බව කියන කාන්තාව අදාළ ස්ථානයේදී ක්ලාන්ත තත්ත්වයට පත්වීමෙන් පසු එහි සිටි සෞඛ්‍ය සේවකයන් විසින් මූලික ප‍්‍රතිකාර ලබාදී ඇයව නිවෙස වෙත පිටත් කර හැර ඇත.
 
 නිවසේදී යළිත් ක්ලාන්ත තත්ත්වයට පත්වූ තම බිරිඳ පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව එම්. පී. ඩබ්ලිව්. ජයසිංහ මහතා කීවේය.
 
– සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment