කොවිඞ් එන්නතින් ලිංගික ශක්තිය දුර්වල වන්නේ නෑ- රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

134

කොවිඞ් වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ලිංගික ශක්තිය දුර්වල වන බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් තහවුරුවී නැතැයි ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මෙවැනි මිථ්‍යාමත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය වීම නිසා ඇතැම් තරුණයන් කොවිඞ් මර්දන එන්නත

ලබාගැනීමට බියක් දක්වන බව වාර්තා වේ.

එබැවින් වැරදි මත විශ්වාස නොකර කොවිඞ් එන්නත් ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment