කොවිඞ් ණය සහන දීර්ඝ කිරීමේ චක‍්‍රලේඛය මහ බැංකුව නිකුත් කරයි

288


කොවිඞ් ණය සහන දීර්ඝ කිරීමට අදාළ චක‍්‍රලේඛය මහ බැංකුව විසින් සියලූම බැංකුවලට යවා ඇති බවත් බැංකු විසින් සිය ශාඛාවලට අභ්‍යන්තර උපදෙස් හෝ චක‍්‍රලේඛ නිකුත් කළ යුතුව ඇති බවත් මහ බැංකුව පවසයි.
ඒ සදහා බැංකුවලට දින හතක කාලයක් ලබා දී ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකු සිය ශාඛාවලට අභ්‍යන්තර උපදෙස් හෝ චක‍්‍රලේඛ නිකුත් කිරීම ගැන පරීක්ෂා කිරීමටද තීරණය කර ඇත.
ඒ නිසා මේ ගැන බැංකු ගනුදෙනුකරුවන් කළබල වීමට අවශ්‍ය නොවන බව ද මහ බැංකුව සඳහන් කරයි.
මේ ගැන ප‍්‍රශ්න මතු වී ඇති බැංකු ගනු දෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකිය. ඒ සඳහා 011 2477966 යන දුරකථන අංකයට ඇමතිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment