කොවිඞ් නිසා නිවාඩු නොඉල්ලා බූස්ටරය  අරන් වැඩට එන්න

223

– රාජ්‍ය සේවා ලේකම්  රාජ්‍ය සේවකයන්ට කියයි

කොවිඞ් හමුවේ රාජ්‍ය සේවකයන් නිවාඩු ඉල්ලීම වෙනුවට කොවිඞ් මර්දන තුන්වැනි මාත‍්‍රාව (බූස්ටර) ලබාගෙන සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඉල්ලා සිටී.

මේ වනවිට කොවිඞ් රෝගීන් රාජ්‍ය ආයතන රැසකින්ම වාර්තා වූවත් බූස්ටර් එන්නත ලබාගෙන සිටින සේවකයන් කොවිඞ් ආසාදිත වුවත් සතියකින් පසු සේවයට වාර්තා කළහැකි බව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කර ඇතැයිද ලේකම්වරයා කීය.

කොවිඞ් වසංගතය නිසා වසර දෙකකට ආසන්න කාලයක් නිසිලෙස රාජකාරියට කැ`දවීම් නොකර සේවා මුර ක‍්‍රමයට ගෙන්වීම් කළත් ඔවුන්ට හිමි වැටුප් ලබාදීමට රජය කටයුතු කළ බව පැවසූ ලේකම්වරයා තමාද කොවිඞ් ආසාදිතවී සතියකින් සේවයට වාර්තා කළ බවද කීය.

එම නිසා ගැබිනි මවුවරුන් සහ කිරිදෙන මව්වරුන් ඇතුළු විවිධ පාර්ශ්ව කොවිඞ් හමුවේ නැවත නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිවාඩු ලබාදිය නොහැකි බවත් ඔවුන්ට එසේ නිවාඩු අවශ්‍යතාවයක් තිබේ නම් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත නිවාඩු ලබාගත හැකි බවත් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment