කොවිඞ් ප‍්‍රතිකාර පිණිස රොබෝ එයි

235

කොරෝනා ආසාදිතයින් හට බෙහෙත් සහ ආහාර ලබාදීම මෙන්ම අදහස් හුවමාරු කරගන්නා මීටර් 300 ක දුරක සිට දුරස්ථ පාලකය කලහැකි බව කියන ටෙඞී රොබෝ වරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කර ඇත.

නිල්වලා විදුලිබල පුද්ගලික සමාගමේ ”‍විදුසවිය ගමට එළියක් ”‍ වැඩසටහන යටතේ මෙම රොබෝවරයා පරිත්‍යාග කර තිබේ.

එම සමාගමේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක රොෂාන් සිරිවර්ධන මහතා විසින් පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය වෙත ටෙඞී රොබෝවරයා භාරදීම සිදුකරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment