කොවිඞ් ප‍්‍රශ්නයේදී බලධාරීන් අසාර්ථකයි: අන්තිමට ‘අපි වෙනුවෙන් අපි’ විතරයි

463

කොවිඞ් ප‍්‍රශ්නයේදී වගකිවයුතු බොහෝ අංශ වගකීම් විරහිතව හැසිරීම නිසා ජනතාවට ‘අපි වෙනුවෙන් අපි’ පමණක් වන තත්ත්වයක් උදාවී තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ ට ඊයේ (06 දා* ප‍්‍රකාශ කළහ.

 කොවිඞ් රෝගීන් දිනෙන් දින ඉහළ යෑම නිසා රෝහල් තුළ දරා ගැනීමේ හැකියාව ද ඉක්මවා තිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබීම සැඟවිය නොහැක්කක් යයි ද උන්වහන්සේ සඳහන් කළහ.

 පවතින තත්ත්වය තේරුම් ගනිමින් වගකීම් සහගතව හැසිරීමට රජය ඇතුළු සියලූ අංශ කටයුතු කළ යුතුව ඇතැයි ද කී ගුණවංශ හිමියෝ සියල්ලට ප‍්‍රථම ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීම මූලික වගකීම විය යුතු බව ද අවධාරණය කළහ.

 කොවිඞ් තත්ත්වය හමුවේ ජනතාවට ද විශාල වගවීමක් පැවැරී ඇතැයි කී උන්වහන්සේ සෞඛ්‍ය නිති පිළිපදිමින් හැකිතාක් දුරට ආරක්ෂා වෙමින් මෙවන් ව්‍යසනයකදී ගම් මට්ටමින් අනෙකාට සහනයන් ලබාදිය හැකි ක‍්‍රමෝපායන් පිළිබඳව දුරකථන මගින් හෝ සාකච්ඡුා කරමින් පියවරයන් ගත යුතු බව ද කියා සිටියහ.

 කොවිඞ් සම්බන්ධ බොහෝ රාජ්‍ය වැඩපිළිවෙළවල් යම් අසාර්ථක තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ගම් මට්ටමින් හෝ එක්ව ආගමික නායකයන් මූලික කරගනිමින් ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ නම් පවතින වසංගත තත්ත්වයට ස්ථිර සාර විසඳුමක් ලබා ගත හැකිව ඇතැයි ද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment