කොවිඞ් මරණ දසදහස පනී

78

දිනපතා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05දා) නිකුත් කළ පෙරේදා (04දා) වාර්තා වූ කොවිඞ් මරණ 189ත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඞ් මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවීය. මෙම මරණ සංඛ්‍යාවත් සමග ශ‍්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළ ගොස් ඇත.

 එසේම ඊයේ තවත් කොරෝනා ආසාදිතයන් 3,308ක් ද වාර්තා විය. රෝහල්වල ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ කොවිඞ් ආසාදිතයන් 2,081 ක් පිටව ගොස් ඇත. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් ගණන 384,557කි.

advertistmentadvertistment
advertistmentadvertistment