කොවිඞ් මළසිරුරක් ආදාහනයට රැගෙන ගිය වාහනයක් පෙරළීමෙන් රියැදුරුට තුවාල

89

මුලතිව් රෝහලේදී කොරෝනා රෝගයෙන් මියගිය කාන්තාවකගේ මළසිරුරක් ආදාහනය සඳහා ත‍්‍රිකුණාමලය වෙත රැුගෙන යමින් තිබූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් කොකුතුඩාව ප‍්‍රදේශයේදී මහ පාර මැද පෙරළී යෑම නිසා එහි රියැදුරු පෙරේදා (15 දා* තුවාල ලබා තිබේ.

කිළිනොච්චිය දිසා රෝහලට අයත් මෙම වාහනය පෙරළී යෑමත් සමගම මෘත ශරීරයද එම වාහනයේ මුල්ලකට තල්ලූ වී ගොස් තිබූ අතර නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසුව මුලතිව් පොලිසියේ නිලධාරීන් පැමිණ රියදුරු මුලතිව් රෝහලට ඇතුළත්කොට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මුලතිව් රෝහල් බලධාරීන් වෙනත් වාහනයක් සපයා දී අදාළ කාන්තාවගේ මළසිරුර ආදාහන කටයුතු සඳහා ත‍්‍රිකුණාමලය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment