කොවිඩ් රෝගය ගැබිනි මවකට බලපාන ආකාරය

141

සෑම එන්නතක්ම වෛරසයට එරෙහිව සියයට 60ක් 70ක් පමණ සාර්ථකව ක‍්‍රියාකරණ බව හඳුනාගෙන තිබෙනවා

වෛද්‍යතුමනි, ගැබිනි මවක් කොවිඩ් පාලන එන්නත ලබා ගැනීම සුදුසුද?

කොවිඩ් පාලන එන්නත්කරණය තුළින් ගැබිනි කාන්තාවන්ට කොවිඞ් රෝගය ඇතිවීමේ අවදානම අඩුවේ. එසේම කොවිඞ් නිසා සිදුවිය හැකි මරණ අවදානම ද අවම කරගත හැකිය. එනිසා ගැබිනි කාන්තාවන් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන

එන්නත්කරණය සම්පූර්ණ කරගත යුතුය. කොවිඞ් මර්දනය සඳහා නිපදවන එන්නත්හි මිනිසුන්ට බෝවන වෛරසය සම්පූර්ණයෙන් අඩංගුවී නැහැ. ඒ සඳහා යොදාගෙන ඇත්තේ වෛරසයේ යම් යම් කොටස් පමණි. එනිසා එන්නත

ලබාගැනීමෙන් කොවිඞ් වෛරසයේ සම්පූර්ණ බලපෑම ඇතිවන්නේ නැහැ. එන්නතින් සිදුකරන්නේ සිරුරට ප‍්‍රතිශක්තියක් නිපදවීමට අවශ්‍ය පසුබිම සැකසීම පමණයි. එනිසා එන්නත්කරණයට අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැහැ. මේ සඳහා උදාහරණයක් ලෙස දරු කලලයට හානියක් විය හැකි බවට අනුමාන කරන ගැබිනි සමයේ ඇතිවිය හැකි රුබෙල්ලා උණ වැලැක්වීම සඳහා කාන්තාවන්ට ලබාදෙන රුබෙල්ලා එන්නත දැක්විය හැකියි. මෙම රුබෙල්ලා එන්නත නිපදවා ඇත්තේ මර්දනය කළ රුබෙල්ලා වෛරසය යොදාගෙනය. මෙම එන්නත

කොවිඩ් රෝගය ගැබිනි මවකට බලපාන ආකාරය

ලබාගැනීමට උපදෙස් දෙන්නේ විවාහවීමට පෙරය. නමුත් මෙම එන්නත ලබානොගත් ඇතැම් කාන්තාවන්ට විවාහවී ගැබ්ගත් පසුත් ලබාදෙනවා. එනිසා මෙම එන්නත ගැබිනි සමයේ ගත් කාන්තාවන්ට ද ඉන් දරු කලලයට හානියක් වූ බවට මෙතෙක් වාර්තාවී නැහැ. එසේනම් කොවිඞ් මර්දන එන්නත ලබාගැනීමෙන් දරු කලලයට හානියක් වේයැයි කියා බියවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ.එසේම මේ දක්වා කොවිඞ් මර්දන එන්නත ගත් කිසිදු මවකගේ දරු ප‍්‍රසූතියකදී විකෘති සහිත දරුවකු බිහිවීමක් හෝ කලලය ගබ්සාවීමක් වාර්තාවී නැහැ. එනිසා ගැබිනි සමයේ කුමන කාලසීමාවේදී හෝ එන්නත්කරණ වැඩසටහන යටතේ තමාට එන්නත ලබාගැනීමට අවස්ථාව ලද විගස එය ලබාගැනීම කළ යුතුය.එහිදී තමාට ලැබෙන්නේ කුමන එන්නත ද හෝ ගැබිනි සමයේ සිටින්නේ කුමන කාලසීමාවේ ද කියා විශේෂ අවධානයක් යොමුකළ යුතු නැහැ.වඩා වැදගත්වන්නේ හැකි පළමු අවස්ථාවේදීම එන්නත ලබාගැනීමය. මෙම එන්නත යනු කොවිඞ් රෝගය වැළඳීමේ අවදානම අඩුකරගැනීමට සහ එය වැළඳුනවිට මතුවිය හැකි සංකූලතා අවම කරගැනීමට දැනට ඇති එකම ආරක්ෂක අවියයි.

වෛද්‍යතුමනි, ගැබිනි සමයේදී කොවිඞ් රෝගය වැළඳුනහොත් මවට සහ දරු කලලට හානියක් සිදුවිය හැකිද?

කොරෝනා වෛරසය සිරුරට බලපාන්නේ ස්වසන රෝගයක් ලෙසය. සංකූලතා ඇතිවන්නේ මෙම ස්වසන රෝගය සහ වෛරසය නිසා සිරුරේ ඇතිවන ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිත ගැටලූවක් ලෙසය. එනිසා කොරෝනා වෛරසය කෙලින්ම දරු කලලයට බලපාන්නේ නැහැ. යම් බලපෑමක් ඇතිවේනම් එය සිදුවන්නේ අපගේ සිරුරේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියේ ඇතිවන ගැටලූවක් නිසා පමණි. විශේෂයෙන්ම දියවැඩියාව,වකුගඩු රෝග,ස්වසනඅපහසුතා,හෘදයවස්තුවේ දුර්වලතා, පිළිකා වැනි රෝගවලට ප‍්‍රතිකාර ගන්නා අයට මෙම රෝගය නිසා යම් බරපතළ බලපෑම් ඇතිවිය හැකිය.

වෛද්‍යතුමනි, ගැබිනි මව්වරුන්ට වඩාත් සුදුසු කොවිඞ් එන්නත කුමක්ද?

අප රටේ භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වර්ගයි. එනිසා එම කිසිදු එන්නතක එකිනෙකට වෙනස් විශේෂ ලක්ෂණ ඇති බව හ`දුනාගෙන නැහැ. එසේම මෙම එන්නත්කරණය යනු හදිසි ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙම සෑම එන්නතක්ම වෛරසයට එරෙහිව සියයට 60ක් 70ක් පමණ සාර්ථකව ක‍්‍රියාකරණ බව හඳුනාගෙන තිබෙනවා. එනිසා කළ යුත්තේ වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ලබාදෙන එන්නත් වර්ග වලින් කුමන හෝ එන්නත් ලබාගැනීමය. දැනට ජොන්සන් ඇන්ඞ් ජොන්සන් එන්නත හැර අනෙක් සියලූ එන්නත් හි එන්නත්කරණය සම්පූර්ණ වන්නේ ඒවායෙහි මාත‍්‍රා දෙකක් ලබාගත් පසු බව හඳුනාගෙන ඇත. එනිසා එම එන්නත්හි මාත‍්‍රා දෙකම ලබාගත යුතුය.

කොවිඩ් රෝගය ගැබිනි මවකට බලපාන ආකාරය

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය,
ප‍්‍රසව හා නාරිවේද විශේෂඳ වෛද්‍ය
නලින්ද රොඩි‍්‍රගෝ

advertistmentadvertistment
advertistmentadvertistment