කොවිඞ් වසංගතයේ අතුරුඵල එයි

1925

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුව වී සිටින 58 හැවිරිදි ධම්මිකා රණවීර නමැති එක්දරු මවක්ව තම දියණිය සහ සැමියා විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේදී උපත ලබා ඇති ධම්මිකා මහත්මිය ට පිරිමි සහෝදරයින් 13 ක් සහ සහෝදරියන් දෙදෙනෙකු සිටින බවත් එම පහළොස් දෙනාගෙන්
දොළොස් දෙනකු මිය ගොස් ඇති බවත් එක් බාල සහෝදරයෙක් කඳාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවත් පවසයි.

වසර 19ක් ලෙබනන් හි සේවය කළ බව කියන ධම්මිකා මහත්මිය උපයා ගත් මුදලින් සැමියාට අයත් ඉඩමක නිවසක් තැනූ බවත් දින දෙකක් දියණියගේ මංගල්‍යය
සඳහා මුදල් වියදම් කළ බවත් පවසයි ගධම්මිකා මහත්මිය ගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වන බව පවසන ඇය නිවාස වල ගෘහ සේවිකාවක් ලෙස ද කටයුතු කර ඇති බව පවසා සිටියාය .

පිනක් දහමක් කරගෙන නැවතී සිටීමට සුදුසු වැඩිහිටි නිවාසයක් කඩිනමින් සොයා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment