කොවිඞ් වසංගතය නිසා දෙගුණ තෙගුණ වූ යොවුන්වියේ දියවැඩියාව විප්ලවය – ආපස්සට හරවන

320

* අනාගතයේදී ඔවුන් ඉතා ඉක්මනින් රෝගීන් බවට පත්වීමේ අවදානමක් පවතී
 
 * තරගකාරී අධ්‍යාපන රටාවත් අප රටේ තරුණ තරුණියන්ට මේ සඳහා බලපා තිබෙනවා
 
 * ඔවුන් ගනු ලබන ආහාර පානත් මේ සඳහා බලපා තිබෙනවා
 
 *තරුණ තරුණියන් බහුලව පිෂ්ඨය අධික” මේදය අධික ආහාර වර්ග ගැනීමට යොමුවී සිටිනවා
 
 *කය වෙහෙසවීම සඳහා ඇවිදීම” ව්‍යායාමවල යෙදීම” ක‍්‍රීඩාවල නිරත වීම ආදිය කළ යුතුය
 
 *සීනි පාලනය කරගන්නා තුරු නිසි වෛද්‍ය උපදෙස් මත රුධිර සීනි මට්ටම පාලනය සඳහා ඖෂධ භාවිතා කළ යුතුය

කොවිඞ් වසංගතය නිසා දෙගුණ තෙගුණ වූ යොවුන්වියේ දියවැඩියාව විප්ලවය - ආපස්සට හරවන

ගෝලීය කොවිඞ් වසංගතයත් සම`ග මතුව ඇති අතුරු රෝග තත්ත්වයක් ලෙස තරුණ තරුණියන් බෝ නොවන රෝගවලට බහුලව ගොදුරු වීම හඳුනාගෙන ඇත’ දියවැඩියාව” අධිරුධිර පීඩනය” ස්ථුලතාවයට පත්වීම ආදිය එම රෝග ලෙස දැක්විය හැකිය’ වයස අවුරුදු 16-17 වියේ සිට මෙවැනි රෝගවලට ගොදුරුවීම තුළින් අනාගතයේදී ඔවුන් ඉතා ඉක්මනින්  රෝගීන් බවට පත්වීමේ අවදානමක් පවතී’

 වෛද්‍යතුමනි” මෙලෙස තරුණ තරුණියන් අඩුවයසින් බෝ නොවන රෝගවලට ගොදුරුවීම සිදුවන්නේ කෙසේද?

 කොවිඞ් වෛරසය ගෝලීය වසංගතයක් ලෙස පැතිරයෑමත් සම`ග තරුණ වියේ පසුවන අය බෝනොවන රෝගවලට ගොදුරු වීම සහ ස්ථුලතාවයට පත්වීම දෙගුණ තෙගුණ වී ඇති බව දැනට ජාත්‍යන්තරව සිදුකර ඇති සමීක්‍ෂණවලට අනුව හෙළිවී තිබෙනවා’ මේ සඳහා ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ජීවන රටාවේ සිදුව ඇති වෙනස්කම බව  හඳුනාගෙන තිබේ’ වර්තමානයේ තරුණ තරුණියන් ක‍්‍රීඩා කටයුතුවලට යොමුවීම” කය වෙහෙසා සිදුකරන ව්‍යායාමවලට යොමුවීම අඩු වී ඇත’ ඔවුන් වැඩිපුරම යොමු වී ඇත්තේ පරිගණක ආශ‍්‍රිතව කටයුතු කරමින් දවසේ කාලය ගත කිරීමටය’ ඒ සඳහා ගෝලීයව පැවැති කොවිඞ් වසංගතයත් බලපා තිබෙනවා’ එමගින් සංචරණ කටයුතු සීමාවීම නිසා තරුණ තරුණියන් නිවසට සීමා වූවා’ එම ජීවන රටාවට හුරු වූ ඔවුන්ගේ කය වෙහෙසීම අඩු වී තිබෙනවා’

 මෙහිදී තරගකාරී අධ්‍යාපන රටාවත් අප රටේ තරුණ තරුණියන්ට මේ සඳහා බලපා තිබෙනවා’ එනිසා ඔවුන්ගේ  දවසේ කාලය පොත්පත් වලට අධ්‍යාපන කටයුතු වලට” පරිගණකයට පමණක් සීමා වී තිබෙනවා’ ඇතැම් දරුවන් එකම විෂයට අමතර පංති දෙක තුනකට යෑමට හුරු වී සිටිනවා’ එවිට එම දරුවන්ට කී‍්‍රඩා කටයුතුවල යෙදීමට දවසේ කාලය වෙන්කර ගැනීමට හැකියාවක් නැහැ’

 මෙලෙස කය වෙහෙසන්නේ නැති දින චර්යාවකට හුරුවීම නිසා ඔවුන් මේවන විට ඉතා සීඝ‍්‍ර ලෙස දියවැඩියාව” අධිරුධිර පීඩනය” ස්ථුලතාවයට ගොදුරුවීමට ලක්වෙමින් පවතිනවා’ එහිදී ඔවුන් ගනු ලබන ආහාර පානත් මේ සඳහා බලපා තිබෙනවා’ විශේෂයෙන්ම වර්තමානයේ තරුණ තරුණියන් බහුලව පිෂ්ඨය අධික” මේදය අධික ආහාර වර්ග ගැනීමට යොමුවී සිටිනවා’ මෙම ආහාර මගින් සිරුරට අධික කැලරි ප‍්‍රමාණයක් එක් වෙනවා’ මෙම කැලරි ප‍්‍රමාණය සිරුරින් ඉවත් කළ හැක්කේ කය වෙහෙස වීමෙනි’ නමුත් එය සිදු නොවීම නිසා සිරුර තුළ අසාමාන්‍ය ලෙස පිෂ්ඨය” මේදය ආදිය තැන්පත් වෙනවා’ කය වෙහෙසවීම සඳහා ඇවිදීම” ව්‍යායාමවල යෙදීම” ක‍්‍රීඩාවල නිරත වීම ආදිය කළ යුතුය’

 තරුණ තරුණියන්ට ඇතිවන දියවැඩියාව රෝගය සම්බන්ධව කොරෝනා වසංගතයත් සම`ග බලපා ඇති ආකාරය ගැන මෑතකදී ඇමෙරිකාව සායනික සමීක්‍ෂණ කිහිපයක් සිදුකර තිබුණා’

 එහිදී හෙළිවූයේ මෙතෙක් කාලයක් රෝහල් වෙත ප‍්‍රතිකාර සඳහා යොමු වුණ” පළමු කාණ්ඩයේ දියවැඩියාව හෙවත් අග්න්‍යාසයේ දුර්වලතා නිසා දියවැඩියාවට ගොදුරු වූ තරුණ තරුණියන්ට වඩා  ස්ථුලතාවය නිසා සහ ව්‍යායාම ආදී කටයුතුවලට යොමු නොවීම නිසා මතුවන දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරුව ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතවන පිරිස දෙගුණ තෙගුණ වී ඇති බවය’

 වෛද්‍යතුමනි මෙලෙස තරුණවියේ දියවැඩියාව වැනි රෝගවලට ගොදුරුවීමෙන් ඔවුනගේ අනාගත දිවියට එය කෙසේ බලපායිද?

 තරුණවියේදී දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු වූ විට එය නිවැරදිව පාලනය කිරීමට යොමු වුවහොත් රෝගය බරපතල වීම නිසා ඇතිවන සංකූලතාවයනට ගොදුරුවීම පාලනය කරගත හැකියි’ දියවැඩියාව නිසිලෙස පාලනය නොකිරීම නිසා හෘදයාබාධ” වකුගඩු

 දුර්වලතා” ස්නායු දුර්වලතා සහ ඉන් හටගන්නා ලිංගික දුබලතා ආදිය මතු වේ’

 එය තීරණය වන්නේ රෝගය පාලනය සඳහා යොමු වන ආකාරය අනූවය’

 සාමාන්‍යයෙන් දියවැඩියාව රෝගයේදී සංකූලතා හටගන්නේ මැදිවියේදී කියා ඇතැම් අය තුළ මතයක් පවතිනවා’ නමුත් තරුණ වියේදී දියවැඩියාවට ගොදුරු වුවහොත් සහ එය නිසි ලෙස පාලනය නොකළහොත් ඉතා අඩු වයසින්ම මෙවැනි සංකූලතා රෝගවලට ගොදුරු විය හැකියි’

 එනිසා තරුණවියේදී මෙම රෝගයට ගොදුරු වූවන් නිසි වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප‍්‍රතිකාර ලබාගනිමින් තම ජීවන රටාවද නිවැරදි කරගනිමින් නිරෝගී ජීවන රටාවකට හුරුවිය යුතුය’ ස්ථුලබවින් යුක්ත නම් ව්‍යායාමවල යෙදෙමින් සිරුරේ බර අඩුකර ගත යුතුයි’ ඒ සඳහා ආහාර පාලනයත් අවශ්‍ය වේ නම් එය වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුය’ මෙලෙස සිදුකරන ජීවන රටාවේ වෙනස විප්ලවකාරී අයුරින් සිදුකළ යුතුය’ එනම් දියවැඩියාව ආපස්සට හරවා සිරුරේ ග්ලූකෝස් මට්ටම ඖෂධ භාවිතයකින් තොරව නියමිත මට්ටමකට පවත්වා ගැනීමට යොමුවීමය’ එම මට්ටමට රුධිර සීනි පාලනය කරගන්නා තුරු නිසි වෛද්‍ය උපදෙස් මත රුධිර සීනි මට්ටම පාලනය සඳහා ඖෂධ භාවිතා කළ යුතුය’ එසේ නොවුණහොත් රුධිර සීනි මට්ටම ඉහළ ගොස් දියවැඩියාව උග‍්‍ර වී සංකූලතා රෝගවලට ගොදුරු වීමට හැකිය’ එනිසා තරුණ පිරිස තම රුධිර සීනි මට්ටම HBA1C ක්‍ අගය 6’5 ක (glycated haemoglobද්‍යn) පවත්වාගැනීමට අනිවාර්යයෙන්ම පියවර ගත යුතුය’ එසේම තරුණ තරුණියන් තම සිරුරේ කොලෙස්ටරෝල් මට්ටමද ඉතා හොඳින් පවත්වා ගැනීමට අවධානය යොමු කළ යුතුයි’ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් ඒ සඳහා ඖෂධ ලබාගෙන එය පාලනය කරගත යුතුයි’ එවිට දීර්ඝ කාලීනව හෘදයාබාධ” අංශ භාගය වැනි රෝග ඇතිවීමත් වලක්වා ගත හැකිය’

කොවිඞ් වසංගතය නිසා දෙගුණ තෙගුණ වූ යොවුන්වියේ දියවැඩියාව විප්ලවය - ආපස්සට හරවන



 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment