කොවිඞ් ව්‍යසනය හමුවේ විද්‍යාත්මකව කටයුතු කරන්න – සජිත් ආණ්ඩුවට කියයි

677

පවතින කොවිඞ් ව්‍යසනය සම්බන්ධයෙන් මිථ්‍යා දෘෂ්ටි හෝ දේශපාලනික වශයෙන් නොසිතා බරපතළකම වටහා ගෙන විද්‍යාත්මකව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සජිත් විපක්ෂ නායක පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

 නිව්දනයක් නිකුත් කරමින් හෙතෙම ඊයේ (20දා) මේ බව කියා සිටි අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

 ඉකුත් සතිය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ වාර්තා වූ මරණ සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගත්තත් රටක් හැටියට අප තල්ලූ වෙමින් තිබෙන තැන පිළිබඳව එළැඹිය හැකි ස්ථාවරය බිහිසුණුය. අඳුරුය.

 ප‍්‍රකෘති තත්ත්වයෙන් සිටින කිසිවෙකුට මේ යන ගමන පිළිබඳව යහපත් චිත‍්‍රයක් මවාගත නොහැකි නමුත්, ආණ්ඩුවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව පමණක් තවමත් තහවුරුය.

 මේ වනවිටත් කොරෝනා ආසාදිතව මියගොස් ඇති ජීවිත අතිමහත් ප‍්‍රමාණයක වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු අතර, ඒ වගකීමෙන් පලා යෑමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැත.

 කනගාටුවට කරුණ වන්නේ පළමු හා දෙවන කොරෝනා ආසාදිතයන් මෙරටින් හමුවන විට ගනු ලැබූ කි‍්‍රයාමාර්ගයවත්, මේ වනවිට දහස් ගණනින් කොරෝනා රෝගීන් හමුවන විට ගැනීමට තරම්වත් ආණ්ඩුවට මේ ව්‍යසනයෙහි බරපතළකම නොතේරීමයි.

 ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබූ සංචරණ සීමා හුදෙක් ප‍්‍රායෝගික නොවන, ප‍්‍රතිඵල රහිත කි‍්‍රයාවලියක් පමණක් බව දිනපතා වාර්තා වන ආසාදිත ප‍්‍රමාණය සහ මරණ ප‍්‍රමාණය ඉහළ යෑමෙන් තහවුරු වේ.

 දිනපතා සිදුකරන පරීක්ෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම, අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් මෙරටට ආනයනය කිරීම, මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්නට නොදී නිසි පරිදි කළමනාකරණය කිරීම ආණ්ඩුවට පැවරී ඇති වගකීමකි.

 ලෝකයේ බොහෝ රටවල් කොරෝනා ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් දෙවියන්ගෙන් අසා තීන්දු නොගන්නා අතර, ඔවුන් මුල්තැන දී ඇත්තේ තමන්ගේ විද්‍යාත්මක සෞඛ්‍ය පද්ධතියටය.

 සියලූ සෞඛ්‍ය විශේෂඥයින් ද, මහනායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, රටේ අති මහත් ප‍්‍රමාණයක් වූ පක්ෂ නායකයින් ද ඉල්ලා සිටින්නේ මේ ව්‍යසනයේ බරපතළකම වටහාගෙන රට අගුළු දමන ලෙසය.

 මේ වෛරසය සමග අරගල කළ යුත්තේ විද්‍යාත්මකව මිස පුහු හිතුවක්කාරය පදනම් කරගත් දේශපාලනිකව හා මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගත් මිථ්‍යාවාදීව නොවන බව යළිත් වතාවක් ආණ්ඩුවට සිහිපත් කරන අතර තීරණාත්මක විසඳුම ඇත්තේ දින කිහිපයකට මේ රට අගුළු දැමීමෙන් :කදජනාදඅබ) පමණක් බව නැවතත් ආණ්ඩුවට අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment