කොවිඞ් ව්‍යාප්තිය සාකච්ඡාවට පක්‍ෂ නියෝජිත හමුවක් කැඳවන්න… මෛතී‍්‍ර ජනපතිගෙන් ඉල්ලයි

186

පවතින කොවිඞ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් සමග හමුවක් කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනපති, ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා* පැවැසීය.

 වත්මන් කොවිඞ් වසංගතය පිළිබඳව ජනතාව තුළ ඇතිවී තිබෙන ජීවිත බිය නැති කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් කොවිඞ් පාලනය කිරීම සඳහා ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය ද ඒකාබද්ධව වැඩ කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම ගැටලූකාරී අවස්ථාවේදී සියලූ දෙනාටම සවන්දීම සහ නම්‍යශීලී වීම අත්‍යවශ්‍ය බවත් ජනතාවගේ ඇතිවී තිබෙන මානසික තත්ත්වය යහපත් කිරීමට මනෝවිiාත්මක ක‍්‍රමවේදයක් ඇති කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

 ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒකාබද්ධව සහයෝගයෙන් කි‍්‍රයා කළ යුතු බවද සෞඛ්‍ය, මාධ්‍ය යුද හමුදාව, පොලිසිය, ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් එක්වී ජනතාවට මානසික ශක්තියක් ලබා දිය යුතු බවද මෛති‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment