කොවිඞ් වැළඳුණු ලෝක ශූරයා ඔලිම්පික්වලින් ඉවතට

130

රිටි පැනීමේ ලෝක ශූර ඇමෙරිකා එක්සත් ජනපද කී‍්‍රඩක සෑම් කෙන්ඩි‍්‍රක්ස් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙවර ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් කර ඇත.
 
 ඔලිම්පික් උළෙලේ තරග වැදීම සඳහා පැමිණ සිටින අතරතුර ඔහුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ ඊයේ (29 දා* දිනයේදීය.
 
 ඒ අනුව සෑම් මේ වනවිට හෝටලයක නිරෝධායනයට ලක්කර ඇති අතර වසර 2017 සහ 2019 දී ලෝක ශූරතා තරගාවලි දෙකකම රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සෑම් සමත් වූවේය.
 
 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී සෑම් කෙන්ඩි‍්‍රක්ස් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ටෝකියෝ ගම්මානයෙන් ඊයේ දිනයේදී පමණක් කොවිඞ් 19 රෝගීන් 24 දෙනකු හමුවී ඇති අතර මේ වනවිට ඉන් වාර්තා වූ කොවිඞ් රෝගීන් ගණන 193 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment