කොවිඞ් සමඟ  දරුවන් අතරේ මිස් – සී රෝගය පැතිරෙයි

341

*  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා බලාගෙනයි!

රට තුළ කොවිඞ් පැතිර යෑමත් සමඟ, මේ දිනවල දරුවන් අතරේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය හෙවත් මිස් – සී නමැති රෝගය පැතිර යමින් පවතින බව බොරැුල්ල රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (30 වැනිදා) පැවසීය.

මෙය විශේෂයෙන් අවුරුදු 5ත් 15ත් අතර වයසේ පසුවන දරුවන් අතරේ පැතිර යන බව ද හෙතෙම කීය.

මෙම මිස් සී නමැති රෝගී තත්ත්වය ඇතිවූ දරුවකු මරණයට පවා පත්විය හැකි බව ද පැවසූ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා, වැඩිදුරටත් මෙසේද කීය.

දරුවන්ට ප‍්‍රතිශක්තිකරණය ලබාදුනහොත් මේ මිස් සී රෝගයෙන් බේරාගන්න පුළුවන්. මේ දවස්වල මේ රෝගය දරුවන් අතරේ පැතිර යමින් තිබෙනවා. ‘මිස් සී’ බරපතළයි. ඒක හැදුණු දරුවෝ දැඩි සත්කාර ඒකකවලට පවා යන්න පුළුවන්. සමහරවිට දරුවා මරණයට පවා පත්වෙන්න පුළුවන්.

දෙමාපියන්ට රෝගය තිබිලා දන්නෙම නැතුව දරුවන්ටත් රෝගය හැදුණොත් සති දෙකක් මාස දෙකක් ඇතුළත ආපසු සැරයක් දරුවකුට උණ ඇවිල්ල, බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, හුස්ම ගැනීමේ අපහසුතා, මුත‍්‍රා යෑම අඩුවීම හරි මුත‍්‍රා එක්ක ලේ ගිහිල්ලා හරි හෘදය වස්තුවේ වේගය අඩුවීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ කම්පන තත්ත්වක් පවා ඇති වෙන්න පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment