කොවිඞ් හැදුණු 14000 ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස්වල

608

කොවිඞ් රෝගය වැළඳීම නිසා නිවෙස්ගත නිරෝධායන කි‍්‍රයාවලිය යටතේ රෝගීන් 14,625 ක් පෙරේදා (29දා) වනවිට නිවෙස්වල වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රැුඳී සිටින බව ප‍්‍රජා සෞඛ්‍ය විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඊයේ (30දා) පැවැසුවාය.

නිවෙස්වල ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝගීන් 42,684 ක් ඇතුළත්වූ බවත් ඉන් රෝගීන් 493 ක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇය පැවසුවාය. රෝගය සුවවීම හේතුවෙන් 27593 දෙනෙක් පද්ධතියෙන් ඉවත්කළ බවද ඇය කීවාය.

යම්කිසි පුද්ගලයෙක්  රෝගීභාවයට පත්වුවහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියා මගින් 1390 නිවෙස්ගත ප‍්‍රතිකාර කි‍්‍රයාවලියට ඇතුළත් වියයුතු බවත් එසේ නොමැතිව පෞද්ගලිකව එම අංකයට සම්බන්ධ විය නොහැකි බවද පැවසූ ඇය ලියාපදිංචි වීමට පෙර ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්‍ෂණයකින් රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබිය යුතු බවද කීවාය.

රෝගිවූ නිවසක තවත් අයෙක් රෝගී තත්ත්වයට පත්වුවද එම  රෝගියාද පද්ධතියට ඇතුළත් කිරීමට ඉහත කි‍්‍රයාමාර්ගයම අනුගමනය කළයුතු බවද ඇය කීවාය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment