කොවිඞ්-19 ගෘහස්ථ ප‍්‍රතිකාර විසඳුමක් හඳුන්වාදීමට ලංකා බැංකුව, Dialog සහ Wavenet සමග අත්වැල් බැඳගනියි

124

කොවිඞ්-19 ගෘහස්ථ ප‍්‍රතිකාර විසඳුමක් හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ වෛද්‍ය ලාල් පනාපිටිය- නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් – (වෛද්‍ය සේවා , ), වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග – අතිරේක ලේකම් – (ප‍්‍රජා වෛද්‍ය සේවා), වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය – සභාපති (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය), වෛද්‍ය සුනිල් ද අල්විස් – අතිරේක ලේකම් (වෛද්‍ය සේවා), වෛද්‍ය අසේල ගුණවර්ධන – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, පවිත‍්‍රාදේවී වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන – රාජ්‍ය අමාත්‍ය (ඖෂධ නිෂ්පාදන, නියාමනය හා බෙදාහැරීම), නීතීඥ කාංචන රත්වත්තේ මහතා – සභාපති, ලංකා බැංකුව,සුපුන් වීරසිංහ මහතා – සමූහ ප‍්‍රධාන විධායක – Dialog Axiata PLC‍, සුරේන් පින්ටෝ මහතා – ප‍්‍රධාන විධායක නිලධාරී – Wavenet International පුද්ගලික සමාගම, යන මහත්ම මහත්මීන් ඡායාරූපයෙන් දැක්වේ.
 


කොවිඞ්-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක‍්‍රියාන්විතයට සහයෝගය දක්වමින් මෙරට අංක එකේ බැංකුව වන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC හා Wavenet International සමාගම් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරමින්, PCR පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර නිසි කළමනාකරණයකින් යුතුව සිදුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට 1390 ජාතික එ්කාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර ඩිජිටල් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට දායක විය.
 
 මෙම ව්‍යාපෘතිය ජනාධිපතිතුමන්ගේ සහ සෞඛ්‍ය ඇමතිතුමියගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව හඳුන්වාදෙන්නකි.
 
 කොවිඞ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම සැළකිල්ලට ගැනීමේදී මෙම අංග සම්පූර්ණ එ්කාබද්ධ ගෘහස්ථ සත්කාර විසඳුම මඟින් රෝහල් සෞඛ්‍ය සේවා පද්ධතිය මත යොමුවන බර අවම කිරීමටත්, කොවිඞ්-19 සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට ප‍්‍රායෝගික හා පහසු සුවවීමේ යාන්ත‍්‍රණයක් ලබාදීමටත් උපකාර වනු ඇත. 1390 ගෘහස්ථ සත්කාර විසඳුමේ අරමුණ වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ දුරස්ථ අධීක්ෂණය යටතේ නිවසේදී නිරෝධායනය වීමේ උපරිම අස්වැසිල්ල ලබාදීමයි.
 
 ලංකා බැංකුව විසින් පිරිස් බලය සපයන මෙම එ්කාබද්ධ ඇමතුම් මධ්‍යස්ථාන විසඳුම, රෝගීන් හා වෛද්‍යවරුන් අතර සබඳතාව පවත්වාගැනීමට, භාෂා ති‍්‍රත්වයෙන්ම ක‍්‍රියාත්මක වන Dialog විසින් බලගන්වන ගාස්තු රහිත 1390 හදිසි ඇමතුම් අංකය සමගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නියම කරන ලද අවශ්‍යතා සපුරාලන ‌සේ අදාළ සේවය සැපයේ. මෙම රෝගී කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කර අනුග‍්‍රහය දක්වන ලද්දේ Wavenet International පුද්ගලික සමාගම විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂයෙන් පුහුණු කරන ලද නියෝජිතයන් සහිත මෙම ඇමතුම් මධ්‍යස්ථානය එහි කාලසීමාව වෙනුවෙන් ලංකා බැංකුව අනුග‍්‍රහය දක්වන අතර Dialog විසින් අදාළ විදුලි සංදේශ සේවා නොමිලේ සපයනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළාපීය මට්ටමින් වෛද්‍යවරුන්ගේ පුහුණුව හා අනුයුක්ත කිරීමේ ක‍්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පහසුකම් සපයන අතර සමස්ත යාන්ත‍්‍රණය පරිපාලනය කිරීම, පහසුකම් සැපයීම හා පාලනය සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment