කොවිඩ්වලින් මිය යන අසරණ පවුල් වෙනුවෙන් මිනී පෙට්ටි හදන මන්ත‍්‍රීවරු

366

කොවිඞ් 19 නිසා මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයට සාමාන්‍ය පරිදි චාරිත‍්‍රානුකූලව අවසන් ගෞරව දැක්වීමටවත් නොහැකි තරමටම හිත්පිත් නැති වෛරසයක් කර ඇති බලපෑම අති විශාලය. මිනිසකුගේ මරණයක් දැකීමට කිසිවිටෙකත් කිසිවකු ප‍්‍රාර්ථනා නොකරන නමුත් කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනකුට මේ වන විටත් ජීවිත අහිමිවී ඇති බව කනගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුය.
 
 කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු නිසි ප‍්‍රමිතියකට අනුව ආදාහනය කළ යුතුව ඇත. එයට සහභාගි විය හැක්කේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට පමණි.
 
 රැකියා අහිමිවීම, ආදායම් මාර්ග නොමැති වීම නිසා අද වන විට බොහෝ පිරිසකට තම හිතවතාගේ, ඥාතියාගේ සිරුර ආදාහනය කිරීමට තරම්වත් වත්කමක් නැත.
 
 ඇතැම් අවස්ථාවල පවුලේ එක් අයකු මියගිය විට අනෙක් සියලූ දෙනා නිරෝධායනයට යොමු කරන බැවින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනුයේ අසල්වාසීන් විසිනි.
 
 එවැනි අවස්ථාවක මෘත දේහය තැන්පත් කිරීමට මිනී පෙට්ටියක් ලබා ගැනීමටත් ආදාහනාගාරයට ගෙවීමටත් මුදල් සෙවීම ඇතැමුන්ට දුෂ්කර කාර්යයකි.
 
 මෙම තත්ත්වය හොඳින් තේරුම් ගත් බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු මිනිසුන් වෙනුවෙන් සහන සැලසීමේ වැඩපිළිවෙළක් දියත් කළ පුවතක් ‘දිවයින’ අපට වාර්තා විය. ඒ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු නොමිලේ ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම හා නොමිලයේ මෘත ශරීර තැන්පත් කිරීමට මිනී පෙට්ටියක් ලබා දීමයි.
 
 ප‍්‍රාදේශීය සභා සභාපති මේනක විමලරත්න, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන සමිත කවිරත්න, චරිත ගුණතිලක, චාමර ප‍්‍රනාන්දු, ඉඳුනිල් තරංග, නිමල් දේවප‍්‍රිය, චමින්ද සිල්වා යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් මෙම ක‍්‍රියාවලිය සිදු වේ. ‘‘අපේ ළඟම හිතවතෙක් කොරෝනා රෝගයෙන් මියගියා. ඒ වෙලාවේ අපි දේහය තැන්පත් කරන්න පෙට්ටියක් හොයාගෙන මල්ශාලා කිහිපයකටම ගියා. ඒ පෙට්ටිවල මිල සාමාන්‍ය පුද්ගලයකුට දැරිය නොහැකි තරම්. අවසානෙට රුපියල් පහළොස් දාහකට ඒ තමයි අපට පෙට්ටියක් ලබාගන්න පුළුවන් වුණේ. එදා තමයි අපි තීරණය කරේ සාමාන්‍ය මනුස්සයෙක්ට මේ වෙලාවේ රුපියල් පහළොස් දාහක් වුණත් දරන්න පුළුවන් ගාණක් නෙමෙයි. මේ ප‍්‍රශ්නයට විසඳුමක් විදියට තමයි නොමිලයේ මිනී පෙට්ටියක් ලබා දීමට හා ආදාහනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට අපි තීරණය කරේ. බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගයෙන් තමයි මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙන්නේ ” ලෙස ප‍්‍රා. සභා මන්ත‍්‍රී සමිත කවිරත්න මහතා පවසයි.
 
 කිසිදු හැඩගැන්වීමක් නැති සාමාන්‍ය ලෑලි පෙට්ටියට පවා රුපියල් දහදාහක් පමණ වැය වන නමුත් සැබෑවටම මේ අවස්ථාවේ එවැනි මුදලක්වත් දැරීමට නොහැකි තරමටම මිනිසුන් අසරණව ඇත. එවැනි මිනිසුන්ට මේ සහනයද මිල කළ නොහැකි තරම්ය.
 
 පෙට්ටි සැකසීම සඳහා සුදුසු දැව වර්ග සපයා ගනිමින් මොවුන්ගේම ලී වැඩපළක මෙම පෙට්ටි නිෂ්පාදනය කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යයන්ද නොමිලයේ ලබාදීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වී ඇත. බේරුවල ප‍්‍රාදේශීය සභා සභාපති සහ පෙර සඳහන් කළ මන්ත‍්‍රීවරුන් ද තමන්ගේ කාලය ධනය මෙන්ම ශ‍්‍රමයෙන් මෙම කාර්යය සඳහා සහභාගි වෙයි.
 
 විශේෂම කාරණය වන්නේ මෙම නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා බේරුවල ප‍්‍රාදේශීය සභා අරමුදලින් තවමත් කිසිදු මුදලක් ලබාගෙන නොමැති වීම හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ එකතු වීමෙන් මෙම කටයුතු සිදු වීමයි.
 
 ‘‘අපි තවමත් මේ කටයුතු සිදුකරන්නේ අපේ වියදමෙන්. බේරුවල ප‍්‍රාදේශීය සභාවේ අරමුදලින් කිසිම මුදලක් අරගෙන නෑ. සභාවේ සේවකයෝ කිහිප දෙනෙක් අපිත් එක්ක මේ කාර්යයට සහභාගි වෙනවා. මේ හැමෝම අපේ ප‍්‍රාදේශීය සභාවේ මිනිස්සු. පාට පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව මේ වෙලාවේ අපි මිනිස්සු වෙනුවෙන් උපකාර කළ යුතුයි. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම, පානීය ජලය ලබාදීම, කැළි කසළ බැහැර කිරීම ආදියත් විෂබීජහරණ කටයුතුත් බේරුවල ප‍්‍රාදේශීය සභාව නොකඩවා සිදු කරනවා. ඉතින් අපිට තවත් අපේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නිසා තමයි හිතවත් මන්ත‍්‍රීවරුන් සහභාගි කර ගෙන අපි මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ. සංවර්ධන කමිටුවේ සභාපති රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ උපදෙස් හා සහයෝගයත් අපට මේ ක‍්‍රියාවලියට නිරන්තරයෙන් ලැබෙනවා. ඉදිරියේදී කළුතර දිස්ත‍්‍රික්කය පුරාම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂාවෙන් සිටිනවා’’ ලෙසින් සභාපති මේනක විමලරත්න මහතා අදහස් දැක්වීය.
 
 මේ වන විට පෙට්ටි තිහකට ආසන්න ප‍්‍රමාණයක් සකස් කර අවසන් අතර පසුගිය 6 වැනිදා ඉන් පළමු පෙට්ටිය ආදාහන කටයුතු සඳහා ලබාදීමට ද මොවුන්ට හැකි වී තිබේ. මේ මොහොතේ සැරසිලි ශෝකප‍්‍රකාශ මැද සුවපහසු සුඛෝපභෝගී පෙට්ටියකින් අවසන් ගමන් යෑමට කිසිවෙකුටත් අවස්ථාව නැත. අසරණ වූ මිනිසුන්ට සහනයක් ලෙසින් ආදාහන කටයුතු හෝ නොමිලේ සිදු කිරීම ද අගය කළ යුතු වන්නේ ඒ නිසාය. තවමත් ලංකාවේ කිසිදු ස්ථානයක කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයින් සඳහා ආදාහනාගාරය සහ මිනීපෙට්ටිය නොමිලේ ලබා දෙන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවේ.
 
 මේ වන විටත් බේරුවල ප‍්‍රාදේශීය සභාවේ අලූත්ගම හා පොතුවිල ආදාහනාගාර තුළ කොරෝනා මරණ දහ තුනකට ආසන්න ප‍්‍රමාණයක් නොමිලයේ ආදාහනය කටයුතු සිදු කර ඇත. ‘‘ඇත්තටම අපි දේශපාලන වාසි ගන්න කරන දෙයක් කියලා සමහරු අපට චෝදනා කරනවා. කොරෝනා නිසා අසරණ මිනිස්සුන්ට මේ වෙලාවේ දේශපාලනයෙන් වැඩක් නෑ. අවශ්‍ය වෙන්නේ සහනයක් පමණයි. ඒ නිසා අපි ජනතාවට මෙම සහනය ලබාදෙන්නෙ සද්භාවයෙන්.”
 
 ලංකාවේ කිසිම ස්ථානයක තවමත් මෙවැනි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවන නමුත් අනෙකුත් ප‍්‍රාදේශීය සභාවන් තුළද හැකි අයුරින් මෙවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මහජන නියෝජිතයන් විසින් සම්පාදනය කළ යුතු බවද බේරුවල ප‍්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිස වැඩි දුරටත් ප‍්‍රකාශ කළහ.
 
 නිරෝෂා වාසල

විශේෂාංග

වඩමාරච්චි මෙහෙයුම මුලින්ම සිතට ආ ජෙනරාල් සිරිල් රණතුංග සමුදෙයි
Jun 20 2021 00:00 Views 270 හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතාගේ සමුගැනීම මෙම සතියේදී හමුදා කේෂ්ත‍්‍රය කනගාටුවට පත්කර තිබුණි. නිදහස් ලංකාවේ නිත්‍ය භට හමුදාව සඳහා පළමුවරට කෙඩෙට් නිලධාරීන් සඳහා ඇබෑර්තු කැඳවන ලද්දේ, 1949 වසරේ ඔක්තෝබර් දහවෙනිදාය. මම ඉගන ගත්තෙත් සිංහලෙන්… මෛත්‍රී එක්ක එහෙම ගැටුමක් නැහැ… පාර්ලිමේන්තු ඒමට පෙර රනිල් සමග වෙනස්ම කතාබහක්…
Jun 20 2021 00:00 Views 329 ලබන සතියේ ඔහු යළි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස දුවුරුම් දෙනු ඇත. දේශපාලනයේ ජය පරාජයන් අතරේ තවමත් ඔහු සිය කි‍්‍රයාකාරී දේශපාලනය මදකට හෝ නතර කර නැත. දේශපාලන පෙරලි රැසක් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය සමග සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. ලද විවේකයකදී පස්වරක් මෙරට අගමැති ධුරය හෙබවූ රනිල් වික‍්‍රමසිංහ… කැළණි විහාරයේ චිත‍්‍ර ඇන්ද අසිරිමත් සිත්තරාගේ වැළලීගිය කතා මෙන්න… සොයිලියස් මෙන්ඩිස් පිළිබඳ මිණිබිරියක් කියන කතාව
Jun 20 2021 00:00 Views 165 විසිවන සියවස තුළ මෙරට බිතුසිතුවම් කලාවේ පුනරුදයක් ඇති කළ මෙම අසිරිමත් සිත්තරා ජාතියෙන් සමුගත් දිනය ලෙස සටහන්ව ඇත්තේ වර්ෂ 1975 සැප්තැම්බර් මස 01 වන දිනය. මිය යෑමට මත්තෙන් සිය පෞද්ගලික ධනය වියදම් කොට ගිරිරාජ විද්‍යාලය නමින් අඳ ගොළු බිහිරි දරුවන්ගේ යහපත පිණිස විදුහලක් ඉදිකරන සොයිලියස්… කෝටි 220 ක කුඩු මල්ලේ අයිතිකරුවා ඉන්නේ ඩුබායි…
Jun 20 2021 00:00 Views 265 ඩුබායි රාජ්‍යයේ එක්තරා නිවසක් තුළ රහසිගතව දෙදෙනෙක් ඉස්තරම් වර්ගයේ මත්පැන් බෝතලයක් පානය කරමින් සිටී. එලෙස පානය කරමින් සිටින අතරතුර ඔවුහු මෙලෙස කතාබස් කළහ. ”අමල්, මේ පාර වැඩිපුර කුඩු ටිකක් ලංකාවට යවන්න ඕනා.” ”ඇයි නදුන් අයියේ එකපාරටම එහෙම හිතුණේ.” කොවිඩ්වලින් මිය යන අසරණ පවුල් වෙනුවෙන් මිනී පෙට්ටි හදන මන්ත‍්‍රීවරු
Jun 20 2021 00:00 Views 109 ඇතැම් අවස්ථාවල පවුලේ එක් අයකු මියගිය විට අනෙක් සියලූ දෙනා නිරෝධායනයට යොමු කරන බැවින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනුයේ අසල්වාසීන් විසිනි. එවැනි අවස්ථාවක මෘත දේහය තැන්පත් කිරීමට මිනී පෙට්ටියක් ලබා ගැනීමටත් ආදාහනාගාරයට ගෙවීමටත් මුදල් සෙවීම ඇතැමුන්ට දුෂ්කර කාර්යයකි.  මෙම තත්ත්වය හොඳින් තේරුම් ගත් බේරුවල… අබලිව අතහැර දැමූ ටාටා ජීප් රියක් හදා ධාවනය කරවූ විලයායේ සිසු දරුවෝ
Jun 20 2021 00:00 Views 169 ජීප් එක හදන්න අපට වුවමනාව තිබ්බට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම ලැබුණට අවශ්‍ය කරන කොටස් කිහිපයක් ගන්න සල්ලි තිබුණේ නෑ. දෙමාපියන් ළඟත් නෑ. ඒ නිසා ඉල්ලන්නත් බෑ. ඒ අභියෝගය ඇවිත් තියෙද්දිම පාසලේ වාර්ෂික ක‍්‍රීඩා උත්සවය පවත්වන්න දින තීරණය වුණා. ඒත් එක්කම අපිට හොඳ අදහසක් ආවා ක‍්‍රීඩා… දරු සෙනෙහස සමග සෙල්ලම් කළ පියෙක්…
Jun 20 2021 00:00 Views 250 ‘අනේ අම්මේ මාව දමලා යන්න එපා’ කියමින් දැරිය හඬා වැළපෙද්දී ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරය ඇය නිවසින් පිටව ගියේ මවු සෙනෙහස යනු කුමක්ද යන්නවත් නොතේරුණු ගාණටය. වැඩට ගොස් යළි නිවසට පැමිණි තිළිණට බිරිඳත් දැරියත් පෙනෙන්නට නොමැති නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී බිරිඳ තමන් අතහැර දමා… මෞරිගේ හදවතේ උපන් දයාවේ සිහිල තවත් හදවත් රැසක උණුසුමට
Jun 20 2021 00:00 Views 151 ඈ ඈගේ මව්බිම වෙනුවෙන් ඇයට කළ හැකි ඉහළම පරිත්‍යාගය කරන්නීය. මෞරි ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී ඈ සතුව තිබූ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 94820 ක්, ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් හදට හදක් භාරකාර අරමුදලට පරිත්‍යාග කරන්නී හදට හදක් අරමුදල විසින් මෙතෙක් ඉටු කළ මෙහෙවර අඛණ්ඩව…

Home

Archives

Home

Search

Follow us on

Facebook
Google

Most Viewed Articles

advertistmentadvertistment
advertistmentadvertistment