කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ මංගල අභාවප්‍රාප්ත වෙයි… අවසන් කටයුතු ඊයේම සිදු කරයි

212

හිටපු අමාත්‍යවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා කොවිඞ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24දා* අභාවප‍්‍රාප්ත විය.

 මියයන විට 65 වියේ පසුවූ මංගල සමරවීර මහතා පිය උරුමයෙන් දේශාලනයට පිවිසියේය. ඔහුගේ පියා මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු වූ මහානාම සමරවීර මහතායි.

 1983 වසරේදී මාතර ශ‍්‍රීලනිප සංවිධායක ලෙස කටයුතු කළ ඔහු 1989 දී මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 1994 පිහිටුවන ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පොදුජන එක්සත් පෙරමුණ රජයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් එම රජයේ ලාබාලතම අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.

 කොළඹ රාජකීය විiාලයේ අධ්‍යාපනය ලැබූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා විශ්වවිiාලයෙන් ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්‍ෂණය පිළිබඳ බී. ඒ. ගෞරව උපාධිය ලබාගත්තේය.

 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයකු ද වූ ඔහු කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇත.

 දේශපාලනයට පිවිසීමට පෙර හෙතෙම මෝස්තර නිර්මාණ හා රෙදිපිළි ප‍්‍රදර්ශන රැුසක් සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

 මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප‍්‍රමුඛ එදා විපක්‍ෂයේ බලවේග සමගින් එවක පැවැති රජයේ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට විරුද්ධව පැවැති උද්ඝෝෂණ හා පාගමන්වලදී ඔහු නොබියව කැපවූවෙකි.

 1994 සිට මුදල් විදේශ කටයුතු වරාය, ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය ධුර දැරූ ඔහු ජනවාර්ගික අර්බුදය විස`දීමෙහිලා සුදු නෙළුම් ව්‍යාපාරය ප‍්‍රමුඛ ජාතීන් අතර සමගිය සහිත එක්සත් ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් මෙරටදී මෙන්ම ජාත්‍යන්තරයේදී හඬ නැ`ගුවේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය නිර්දය ලෙස විවේචනය කරමිනි.

 2010 දී ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මත ශ‍්‍රීපති සූරියආරච්චි මහතා සමඟ මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඉවත් වූ ඔහු නව දේශපාලන පක්‍ෂයක්ද පිහිටුවන ලද අතර අනතුරුව ඔහු එක්සත් ජාතික පක්‍ෂයට එක්විය. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිහිටුවන ලද රජයන්හි ප‍්‍රබල අමාත්‍ය ධුර කීපයක් දැරූ ඔහු මාතර ප‍්‍රමුඛ දකුණු පළාතේ සංවර්ධනය උදෙසා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ කෘතහස්ත දේශපාලනඥයෙකි.

 මාතර නාගරික මන්ත‍්‍රීවරියකු ලෙස කටයුතු කළ කේමා සමරවීර මහත්මියගේ පුතණුවන් වූ මංගල පින්සිරි සමරවීර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම එජාපය ප‍්‍රමුඛ සෙසු දේශපාලන හා සමාජ මාධ්‍ය සමඟ දැඩිසේ සමීපව කටයුතු කළ යාවත්කාලීන දේශපාලනඥයෙකි.

 තමා නැවත පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු නොවන බවත් මේ රටේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට මැදිහත්වන බවත් රට වෙනුවෙන් තමාට කළහැකි මැදිහත්වීම කරන බවත් ඉකුත්දා ඔහු සහභාගිවූ අවසන් මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණි.

 එජාපය දෙකඩ වීම ගැන දැඩි සේ කණස්සල්ල පළ කළ මංගල සමරවීර පක්‍ෂයේ සමගිය දෙපාර්ශ්වයේම නායකයන්ට නිතර අවධාරණය කළ දේශපාලනඥයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment