කොවිඩ් ආසාදිතව සිටින බහුතරයක් එන්නත් ගෙන නෑ – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

110

කොවිඞ් ආසාදිතව මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතවී සිටින වැඩි දෙනා කොවිඞ් මර්දන එන්නත් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (03 වැනිදා) පැවසුවාය.

එබැවින් සෑම පුද්ගලයකුම මේ මොහොතේ කොවිඞ් එන්නත් මාත‍්‍රා තුනම ලබා ගැනීම කාලෝචිත බවද ඇය කීවාය.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.

මේ වනවිට ව්‍යාප්ත වී තිබෙන ඔමික්‍රෝන් ප‍්‍රභේදය ඉතාම ප‍්‍රබල වෛරස් ප‍්‍රභේදයක්. නමුත් දරුණු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන නැති අයට ඔමික්‍රෝන්වලින් එල්ලවන බලපෑම වැඩියි. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත වෙන්නේ එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන නැති අය. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතවෙන අය මැරෙන්නත් පුළුවන්.

එන්නත් මාත‍්‍රා තුනම ගත්තු අය බේරිලි ඉන්නවා. ඒ අයට ඔමික්‍රෝන් හැදුනත් අමාරුවෙන්නේ නැහැ. ඒ නිසා 1 වැනි 2 වැනි එන්නත් මාත‍්‍රා තාමත් අරගෙන නැත්නම් අරගන්න. බූස්ටර් එන්නත ගන්න තියෙනවා නම් ඒක ගන්න. එක එක අයගේ බොරු මතවාදවල හසුවෙන්න එපා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment