කොවිඩ් ආසාදිත සිසුහූ 171ක් උ. පෙළ ලියති

93

කොවිඞ් ආසාදිත සිසුන් 171ක් පෙරේදා (8 දා) උසස් පෙළ විභාගයට පෙනී සිට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ‘ දිවයින’ට ඊයේ (9 දා) පැවසීය.

මෙම සිසුන් කොවිඞ් ආසාදිතව රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම මධ්‍යස්ථානවලදී විභාගයට ඉදිරිපත් වී ඇත. මෙම සිසුන්ගෙන් බරපතළ රෝගී තත්ත්වයක් වාර්තා වී නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.

විභාග රාජකාරියේ නිරත කාර්ය මණ්ඩලය ද ඇතැම් අවස්ථාවල රෝගයට ගොදුරු වී ඇති බවට වාර්තා වන බවත් එම පිරිස වෙනුවට විභාගයට සූදානම් කර සිටින අතිරික්ත පිරිස් යෙදවීමට කටයුතු කරන බවත් ධර්මසේන මහතා කීය.

කොවිඞ් ආසාදනයට ලක්වූ පිරිස වැඩි වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් දකුණු පළාත සහ මහනුවර ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයකින් රෝගීන් සුළු වශයෙන් වාර්තා වී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment