කොවිඩ් එන්නතට 29 දාට අවුරුද්දයි

86

කොවිඩ් මර්දන එන්නත්කරණය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කර මෙම මස 29 වැනිදාට වසරක් පිරීම නිමිත්තෙන් ජාතික මට්ටමේ හා ප‍්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, ප‍්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලූම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

කොවිඩ් මර්දනය සඳහා වූ පළමු එන්නත් තොගය ලෙස ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ලක්‍ෂ 10 ක් ශී‍්‍ර ලංකාවට ඉන්දියාවෙන් 2021 ජනවාරි 28 වැනිදා ලැබුණි. එහි පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා එන්නත් කරනු ලැබුවේ මුල්ලේරියාව බෝවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතාටය.

එතැන් පටන් මේ දක්වා මෙරට ජනගහනයෙන් එන්නත්කරණය ලැබිය යුතු සියයට 90% වැඩි පිරිසකට එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී ඇති අතර බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත‍්‍රාව මේ වනවිට සියයට 40% කට වැඩි පිරිසකට ලබාදී තිබේ. මෙම වසරක කාලයේදී ශී‍්‍ර ලංකාවට ඇස්ට‍්‍රාසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික් සහ ෆයිසර් යන එන්නත් මාත‍්‍රා කෝටි 5 ක් පමණ ලැබී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment