කොවිඩ් එන්නත්කරණය නීතියෙන් අනිවාර්ය කිරීමට නීතිපති උපදෙස් පතනවා

167

සියලූ අංශවල සහාය ලැබේ නම් ඉදිරියේ දී කොවිඞ් එන්නත්කරණය මෙරට නීතියක්ව ක‍්‍රියාත්මක වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට ඊයේ (01දා) පැවසීය.

කොවිඞ් පාලනයට එන්නත්කරණය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් සමග ලොව බොහෝ රටවල් එය පිළිගනිමින් කටයුතු කළත් ඇතැම් රටවල්වල ජනතාව එන්නත් නොගැනීම නිසා එම රටවල් කොවිඞ් එන්නත්කරණය නීතියෙන් අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

එහෙත් මෙරට මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ සංවිධාන එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කර ඇති නිසා මෙරට දී කොවිඞ් එන්නත්කරණයට නීති පැනවීම ආවාට ගියාට කළ නොහැකි බව ද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.

මර්දනය සඳහා කොවිඞ් එන්නත්කරණය අත්‍යවශ්‍යව ඇතත් එය නීතියකින් අනිවාර්ය කිරීමට ප‍්‍රතිපාදන නොමැති නිසා ඉදිරියේ දී පනතකින් ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කර ගනිමින් කොවිඞ් එන්නත්කරණය සාර්ථක කර ගත යුතු බව ද පැවසූ ඒ මහතා ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් පතන බව ද කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment