කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

303


කොවිඞ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට ලබාගෙන ඇති නීති උපදෙස් සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඞ්පත අනිවාර්යය කිරීමට කොවිඞ් කමිටුව අද තීරණය කර ඇත.
කොවිඞ් මර්දන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැුස්විය.
එළැඹෙන උත්සව සමයේ දී කොවිඞ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත‍්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලෙස ලබා දෙන ෆයිසර් එන්නත ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ද මෙහිදී ජනාධිපති වරයා කොවිඞ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දී ඇත.
දෙවන මාත‍්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලූ‍ දෙනා අධි මාත‍්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි. ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට සිට දිනපතා අධි මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.
සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඞ් ආසාදිතයන්ගෙන් ඉහළ ප‍්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති. කොවිඞ් ආසාදිතව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය. මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment