කොවිඩ් එන්නත් සායන යළිත්

152

දිවයින පුරා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල මට්ටමින් කොවිඩ් වැලැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන විශේෂ සායන මෙම මස 24, ඔක්තෝබර් 01 සහ ඔක්තෝබර් 08 දිනයන් පැවැත්වේ. අවම වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයක සායන තුනක් හෝ පැවැත්වීම සිදුවෙයි. ඊට අමතරව මෙතෙක් පවත්වාගෙන පැමිණි සියලු සායන ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වෙයි.මේ දිනයන්හි එම එන්නත් ලබා දෙන ස්ථානයකට පැමිණ තුන්වැනි සහ සිව් වන කොවිඩ් අමතර (බූස්ටර් ) මාත්‍රා ලබා ගන්නා ලෙස සෞඛය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ,වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා සමස්ත මහ ජනතාවගෙන් ඉල්ලා සිටී. යම් හෙයකින් මේ දිනයන්හි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මහජනතාව නොපැමිණියහොත් එම එන්නත් අපතේ යාමෙන් විශාල ජාතික ධනය ප්‍රමාණයක් නිකරුණේ අපතේ යා හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment