කොවිඩ් එන්නත අනිවාර්ය කර නැතිලු

340

කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.කොවිඩ් මර්ධන එන්නත් ලබා අනිවාර්යය කිරීමට ගෙන ඇති තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන්නැයි ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු ගොනු කල පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව සඳහන් කළාය.එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එසේම එන්නත් කරණ වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පමණක් බවද රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment