කොවිඩ් කමිටු දෙකකින් විශේෂඥ වෛද්‍යවරු 4දෙනෙක් අස්වෙති

117

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කොවිඞ් මර්දන කමිටු දෙකකින් විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඉවත්වී ඇත.

මේ අනුව කොවිඞ් මර්දන තාක්ෂණ කමිටුවෙන් දෙදෙනෙකු හා කොවිඞ් මර්දන එන්නත් කමිටුවෙන් දෙදෙනෙකු වශයෙන් ඉවත්වී තිබේ.

කොවිඞ් මර්දන එන්නත් කමිටුවෙන් මහාචාර්ය නිලීකා මලවිගේ හා විශේෂඥ වෛද්‍ය පරමේෂ්වරම් මහතා ඉවත්වී තිබෙන අතර කොවිඞ් මර්දන තාක්ෂණික කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ඉවත්වී තිබුණි. එම කමිටුවෙන්ම ඊයේ (08 දා) විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉවත්වී ඇත. මෙම ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂඥයින් සිව්දෙනා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

කොවිඞ් මර්දන එන්නත් කරන කමිටුවේ සාමාජිකයන් 07 දෙනකුගෙන් පමණ සමන්විත වන අතර කොවිඞ් මර්දන තාක්ෂණික කමිටුවෙන් 30 ක් පමණ පිරිසකගෙන් සමන්විත යැයි සෞඛ්‍ය අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවසීය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට එකඟවිය නොහැකි බව පවසමින් ඉවත්වී ඇතැයි ද එම නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment