කොවිඩ් කාලේ වෛද්‍ය උපකරණ මිලට ගැනීමේදී සල්ලි පිල්ලි ගිහින්

88

කොවිඩ් වසංගත සමයේ දී වෛද්‍ය උපකරණ මිල දී ගැනීමේ දී බරපතල මූල්‍ය අක්‍රමිකතාවයන් රැසක් සිදුවී ඇති බවත් මේ පිළිබඳ සොයා බැලීමට වෝහාරික විගණනයක් කළ යුතුව ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

හදිසි මිලදී ගැනීම්වලට මුවා වී ප්‍රසම්පාදන කටයුතුවලින් බැහැරව වෛද්‍ය උපකරණ එම කාලයේ දී මිල දී ගෙන ඇති බවත් එමගින් රජයේ මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බවත් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. වෛද්‍ය උපකරණ මිලදී ගැනීම්වල දී සැපයුම්කරුවන් විසින් සාවද්‍ය තොරතුරු හා ලිපිලේඛන ඉදිරිපත් කර තිබූ බව විගණනය මගින් අනාවරණය කර තිබුණි. එක්ස්රේ යන්ත්‍ර මිල දී ගැනීමේ දී රුපියල් ලක්ෂ 55කට ගත හැකිව තිබූ එක්ස්රේ යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 80ක මුදලකට හදිසි මිලදී ගැනීම් ලෙස මිල දී ගෙන ඇති බව ද විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ඇතැම් රෝහල්වල රෝහල් ධාරිතාවයට දරාගත නොහැකි ආකාරයේ වෛද්‍ය උපකරණ ලබා දී තිබූ බවත් මේ වනතෙක් භාවිතයට නොගත් අසුරණ පවා ඉවත්කොට නොමැති වෛද්‍ය උපකරණ රැසක් ඇතැම් රෝහල්වල පවතින බවත් විගණන නිලධාරීහු පවසති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment