කොවිඩ් දරුණු අතට මාස්ක් දාන්න

214

රටේ දිනකට කොවිඩ් රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් හමුවීම හා මරණ 3ත් 6ත් අතර සංඛ්‍යාවක් වාර්තා වීම හමුවේ සියලු දෙනා අනිවාර්යයෙන්ම මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විiාඥ විශේෂඥ වෛද්‍ය සමිත

ගිනිගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පවතින ශීත සෘතුව සමග කොවිඩ් රෝගය තව තවත් වේගයෙන් පැතිරීමේ වර්ධනයක් විය හැකි බව ද හෙතෙම කියා සිටියේය. ගෝලීය වශයෙන් ගත් කල කොවිඩ් රෝගයේ වැඩිවීමක් දක්නට ඇතැයි ද ඔහු කියා සිටියේය.

තවමත් කොවිඩ් එන්නත් මාත්‍රාවන් ලබාගෙන නැත්නම් නොපමාව ළඟම ඇති රෝහලකට ගොස් හෝ ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත ලබා ගන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඇතැම් දෙනා කොවිඩ් අමතක කර හැසිරෙන ආකාරයක් දක්නට ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment