කොවිඩ් නිවෙස් ප‍්‍රතිකාර ක‍්‍රමයට 1390 අමතන්න – විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

155

කොවිඩ් – ඔමික්‍රොන් ප‍්‍රභේදය වැළඳී රෝහල්ගතවීමට අකමැති නම් කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය යටතේ 1390 අංකය අමතා ලියාපදිංචි වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

දැනටමත් එසේ පුද්ගලයන් එක්ලක්‍ෂ පනස්දහසකට අධික පිරිසක් ප‍්‍රතිකාර ගෙන ඇති බවත්, ඉන් අසාධ්‍ය වූ රෝගීන් 2500කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවත් ඇය සඳහන් කර සිටියාය.

එසේම දැනට කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදය හරහා සකී‍්‍රයව රෝගීන් 2500 කට අධික පිරිසක් ප‍්‍රතිකාර ලබන බවත්, දිනකට මෙම ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට රෝගීන් 250කට අධික පිරිසක් ඇතුළත් වන බවත් ඇය සඳහන් කළාය.

මෙම කොවිඩ් නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට අවුරුදු 2 සිට අවුරුදු 65 දක්වා වයසේ පසුවන අයට 1390 අමතා ඇතුළත් විය හැකි බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment