කොවිඩ් නිසා ඩොලර් සංචිත පහළ වැටුණු කතාව බොරුවක් – වජිර අබේවර්ධන

131

ශී‍්‍ර ලංකා රජය සහ පාලකයන් කොවිඞ් නිසා ඩොලර් සංචිත පහළ වැටුණු බවට සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (23 දා) පැවසීය.

ලෝකයේ රටවල් සමග සංසන්ධනය කර බැලූ විට රටවල් කිහිපයක් හැර අනෙකුත් සියලූම රටවල ඩොලර් සංචිත ඉහළ මට්ටමකට ගෙන ඇති බවත් සභාපතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ලෝකයේ බොහෝ රටවල විදේශ විනිමය අනුපාතය මත එම රටවල ද්‍රවශීලීතාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදු කරන ඇමෙරිකානු සමාගමක් වන (FITCH RATINGS) ආයතනය විසින් ශී‍්‍ර ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් CCC සිට CC දක්වා පහත හෙළා තියෙනවා. මෙයට ප‍්‍රධානතම හේතුව නම් 6%ක විනිමය ප‍්‍රතිපත්තියක් පවත්වා ගැනීම සඳහා කෘති‍්‍රමව සිදු කරනු ලැබූ මූල්‍යමය එන්නත් කිරීමේ වැඩපිළිවෙළවල් අනුගමනය කර ද්‍රවශීලීතාවය පවත්වා ගැනීමට උත්සාහ කිරීම මගින් රටේ පවත්නා විදේශ සංචිත ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ක්ෂය වීමත්, එමගින් විදේශ විනිමය හිඟයක් ඇති වීමයි.

මෙම පහත හෙළීම මගින් ෆිච් (FITCH) ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාව ගෙන ඇති ඉහළ විදේශ ණය ප‍්‍රමාණයට සාපේක්ෂව සීමිත මුදල් ලැබීම් ශී‍්‍ර ලංකාවේ බාහිර ද්‍රවශීලීතාවය ඉදිරි මාස කිහිපයේදී වඩාත් දරුණු තත්ත්වයකට යොමු විය හැකි බවයි. ශී‍්‍ර ලංකා විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට සිදුවන තත්ත්වයක් හටගැනීමේ සම්භාවිතාවක් ඇති විය හැකි බවයි.

තවද මෙරට පවතින මූල්‍ය ආර්ථිකයේ බරපතළ රජයේ බැඳුම්කර ප‍්‍රමාණය වර්ධනයත්, දේශීය මුදල් ඒකකයක් වන ශී‍්‍ර ලංකා රුපියල පහත වැටීම මගින් පෙන්නුම් කරන බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමගින් බාහිරෙන් පැමිණෙන විදේශ මූල්‍යමය සම්පත් හිඟ වීම හමුවේ 2022 හා 2023 වසරවලට අදාළ විදේශ ණය ගෙවීම් අපහසු වන බව ද ෆිච් සමාගම විසින් පෙන්වාදී තිබිණි. 2022 ජනවාරි මාසයේ ඇමෙරිකන් ඩොලර් 500 බැඳුම්කර දෙකක් සහ 2022 ජුනි මාසය වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 1 ක බැඳුම්කරයක් ශී‍්‍ර ලංකාව විසින් පියවිය යුතුව තිබෙනවා.

2020 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 07 – 08% ප‍්‍රමාණයෙන් අවපාතනය වූ අතර, එමගින් ඇති වූ හිඟය පියවීමට මහ බැංකුව මැදිහත්වීම තුළින් පැවති විදෙස් සංචිත ප‍්‍රමාණය බිඳ වැටීම තවදුරටත් දරුණු වුණා. එමෙන්ම 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9% ක්ව පැවැති මූල්‍ය හිඟය 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම 2025 වනවිට 89% ක ප‍්‍රතිශතයකින් රාජ්‍ය ණය අවම කිරීම සහ පවත්නා මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක ප‍්‍රමාණයක් දක්වා අවම කිරීම ද සපුරාලිය නොහැකි ඉලක්ක බවට පත්වනු ඇත යන්න ෆිච් ආයතනය පෙන්වා දෙනවා. එමෙන්ම ඉහළ යන පොළී අනුපාත හේතුවෙන් 95% ක පමණ පොළී මුදලක් ගෙවීමට ද සිදුවෙනවා.

2020 වසරේ අගභාගය වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 04 ක් පමණ පැවැති විදේශ සංචිත ප‍්‍රමාණය මේ වනවිට ඉතාමත් හීන මට්ටමකට පැමිණිලා.

තවද චීනයේ මහජන බැංකුව සමග මුදල් හුවමාරු කිරීම හෙවත් ස්වැක් පහසුකම ඔස්සේ චීන යුආන් බිලියන 10 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට ආසන්න මුදලක් ලබාගැනීමෙන් වුව ද විදේශ විනිමය සංචිතවල පවත්නා පීඩනය අවම කරගත නොහැකි වනු ඇතැයි ද ෆිච් :ත්‍ෂඔක්‍්‍ය* ආයතනය පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවෙන් ද සාක් සංවිධානයෙන් ස්වැප් ණය පහසුකමක් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක ණයක් කටාර් බැංකුවෙන් ස්වැප් ණය පහසුකමක්, පේ‍්‍රෂණ සුරැකුම්කරණය සහ සීමාසහිත චීන බැංකුවෙන් පරිභ‍්‍රමණ ණය පහසුකමක් යනාදී සියලූ ණය පහසුකම් ලබාගෙන වුව ද 2022 වසර වනවිට අඛණ්ඩව විදේශීය ණය ගෙවීම් සිදු කිරීමට ශී‍්‍ර ලංකා රජය අපොහොසත් වනු ඇතැයි ෆිච් ආයතනය පෙන්වාදී තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment