කොවිඩ් පාලනයට හා ජන ජීවිත යථාවත් කිරීමට ලබන අයවැයෙන් මුල්තැන

60

ලබන වසර (2022) සඳහා ඉදිරිපත් කරන රාජ්‍ය අයවැය ලේඛනය සකස් කිරීමේදී කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සහ ජන ජීවිත කඩිනමින් යථාවත් කිරීමට ප‍්‍රමුඛතාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අතරම ලබන අයවැයෙන් තවත් ප‍්‍රමුඛත්වය ලබාදෙන ක්‍ෂේත‍්‍ර කිහිපයක්ම රජය විසින් හඳුනාගෙන තිබේ. එම අංශ අතර දේශීය කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කිරීම හා ඒවා නිසි ප‍්‍රමිතියෙන් යුතු බව තහවුරු කිරීම, සංචාරක ක්‍ෂේත‍්‍රය පුනර්ජීවනය හා දිරිමත් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම, සැමට ජලය, වාරි සෞභාග්‍ය කි. මීටර් 100,000 ක් මාර්ග සංවර්ධනය වැනි දැනට කි‍්‍රයාත්මක ග‍්‍රාමීය හා නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන ජාතික වැඩසටහන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීම, මෙතෙක් ආනයනය කළ නමුත් දේශීයව නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම හා අපනයනාභිමුඛ කර්මාන්ත ප‍්‍රවර්ධනය, සේවාලාභීන්ට මාර්ගගතව සේවා ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල්කරණය රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල තුළ පුළුල් ලෙස භාවිතා කිරීම, සංවර්ධන කි‍්‍රයාවලිය කඩිනම් කිරීමට සහාය වන ආකාරයෙන් සහ මහජනතාවට පහසුවෙන් රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට හැකිවන පරිදි ආයතනික ක‍්‍රම සරල කිරීම සහ භාණ්ඩාගාරය මත යැපෙන වානිජ ව්‍යවසායන් ප‍්‍රතිසංස්කරණය කර ඒවායේ මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය ඇතිකර ගැනීම යන කරුණු මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment