කොවිඩ් පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරයි

158

* ධාරිතාවෙන් අඩකට 5න්  ඉහළ ටියුෂන්වලට ඉඩ
 
 * වෘත්තීය පුහුණු ආයතනවලට වරකට සියයට 75 ක්
 
 * ජිම් අරින්න අවසර – අවමංගල්‍ය උත්සවවලට වරකට 30ක්
 
 * රැස්වීම්වලට අවසර නෑ


 දැනට දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාදිතයන් සහ මරණ පිළිබඳව සැලකිල්ලට ගනිමින් සහ කොවිඞ් මර්දන එන්නත් ලබාදී ඇති පිරිස අනුව කොවිඞ් පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කර ඇත.

 එම මාර්ගෝපදේශ පෙරේදා (01දා) ප‍්‍රකාශයට පත් කළ අතර එය මෙම මස 31 වැනිදා දක්වා බලාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව කාර්යාලය, සාප්පු සංකීර්ණ, ආපනශාලා, ප‍්‍රදර්ශනය ශාලා සහ උපකාරක පංති ඒවායේ ධාරිතාවෙන් හරි අඩක් යටතේ පැවැත්වීමට අවසර ලබා දී ඇත.

 කෙසේ වෙතත් උපකාරක පංති පැවැත්විය හැක්කේ 5 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණි.

 සිනමා ශාලා සහ නාට්‍ය ශාලා එහි ධාරිතාවෙන් සියයට 75 ක් යටතේ පේ‍්‍රක්ෂකයන් සහභාගි කරවා ගෙන දර්ශන පැවැත්විය හැකිය. වෘත්තීය පුහුණු ආයතනවලට වරකට සියයට 75 ක් පිරිස සහභාගි කරවාගෙන පාඨමාලා පැවැත්වීම සඳහා අවසර ලබා දී ඇත.

 කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.

 අවමංගල්‍ය උත්සව සඳහා වරකට පුද්ගලයන් 30 ක් සහභාගි කරවාගත හැකිය.

 පොදු ප‍්‍රවාහන සේවා ආසන ගණනට පමණක් මගීන් රැුගෙන ප‍්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා ඇත.

 ප‍්‍රසිද්ධ රැුස්වීම් පැවැත්වීමට මෙතෙක් අවසර ලබාදී නැත.

 නිවසින් පිටතට යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය අතර පුද්ගල දුරස්ථභාවය දෑත් පිරිසිදු කරගැනීම ආදී කොවිඞ් මර්දන සෞඛ්‍ය උපදෙස් දිගටම පිළිපැදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment